පුවත්

උතුරුමැද පළාත් සභාවේ උණුසුම් තත්ත්වයක්

Published

on

රැකියා විරහිත උපාධිධාරීන් පිරිසක් උතුරුමැද පළාත් සභා ගොඩනැගිල්ල වටකර අද (06) විරෝධතාවක නිරතවූහ.

ඔවුන් විසින් උතුරු මැද පළාත් ආණ්ඩුකාර මහීපාල හේරත් මහතා ඇතුළු පලාත් සභා නිලධාරීන් හා කාර්ය මණ්ඩලය  පළාත් සභා ගොඩනැගිලි පරිශ්‍රය තුළ සිර කර, එහි පිට වීමේ හා ඇතුල්වීමේ දොරටුව අවහිර කර උද්ඝෝෂණය පවත්වාගෙන ගොස් තිබේ.

මෙහිදී මැදිහත් වූ පොලීසිය විසින් උද්ඝෝෂණයේ  නිරත වූ රැකියා විරහිත උපාධිධාරීහු  22ක් අත් අඩංගුවට ගන්නා ලදී.

අත්අඩංගුවට ගත් පිරිස අතර සමස්ත ලංකා  ඒකාබද්ධ රැකියා විරහිත උපාධිධාරී සංගමයේ හිටපු කැඳවුම්කරු  ධම්මික මුණසිංහ මහතා ඇතුළු පිරිමි පුද්ගලයන් 11ක් සහ කාන්තා සාමාජිකාවන් 11 කි.

උද්ඝෝෂණයේ යෙදී සිටි පිරිස ප්‍රශ්න කර සිටියේ,

පොළොන්නරුව වැලිකන්ද වැනි දුෂ්කර ප්‍රදේශවල සිට කුඩා ළමයින් සමග කුස ගින්නේ පිරිස් මෙම ස්ථානයට පැමිණ සිටින බවත්, උතුරු මැද පළාතේ ඇති පුරප්පාඩු වලටත් වඩා අඩු, රැකියා විරහිත උපාධිධාරීන් පිරිසක් පලාත තුල සිටින බැවින් ඔවුන්ට රැකියා ලබා දීමට ක්‍රියා නොකරන්නේ ඇයි? ද යන්නයි.

Trending

Exit mobile version