පුවත්

උතුරු කොරියානු නායකයා, සිය දියණියව ලොවට හඳුන්වාදෙයි (ඡායා)

Published

on

උතුරු කොරියානු නායක කිම් ජොන් අන්, පළමු වරට සිය දියණිය හා ප්‍රසිද්ධියේ පෙනී සිට තිබේ.

ඇගේ නම Kim Chu-ae යැයි පැවසෙන අතර, ඇය සිය පියා සමග මිසයිල අත්හදා බැලීමේ නිරීක්ෂණයකට එක්ව සිටියාය.

38 හැවිරිදි උතුරු කොරියානු නායක කිම් ජොන් අන් දියණිය කිම් චූ ඒගේ අතින් අල්ලා ගනිමින්, මිසයිල අත්හදා බැලීමට පැමිණි අයුරු දැක්වෙන ඡායාරූප පෙළක් උතුරු කොරියානු රාජ්‍ය මාධ්‍ය ප්‍රසිද්ධියට පත් කළේ ඊයේ (19) ය.

මිසයිල අත්හදා බැලීමට කිම් ජොන් උන්ගේ බිරිඳ රී සොල් ජූ ද එක්වී සිටීම ද විශේෂත්වයකි.

උතුරු කොරියාව ලොව හුදෙකලාම රාජ්‍යයක් ලෙස සැලකෙන අතර, එහි නායකයා ගේ පෞද්ගලික ජීවිතය පිළිබඳවද තොරතුරු හෙළිදරව් වී තිබෙන්නේ ඉතා අල්ප වශයෙනි.

Trending

Exit mobile version