කොළඹ – කන්කසන්තුරය අතර දුම්රිය මාර්ගයේ සංඥා පද්ධතිය නවීකරණය කිරීම සඳහා රු. කෝටි 450ක මුදලක් (ඩොලර් මිලියන 15) ක් ඉන්දීය ණය ආධාර ක්‍රමය යටතේ අනුමත වී ඇතැයි වාර්තා වේ.
අනුරාධපුර සිට කන්කසන්තුරය දක්වා දුම්රිය මාර්ගය නවීකරණය කිරීම සම්බන්ධයෙන් ප්‍රවාහන ඇමැති – බන්දුල ගුණවර්ධන මහතා මෙරට සිටින ඉන්දීය මහකොමසාරිස් ගෝපාල් බාග්ලේ මහතා සමඟ කළ සාකච්ඡාවක ප්‍රතිඵලයක් වශයෙන් මෙම මුදල අනුමත කර ඇතැයි ‘දිනමිණ’ වාර්තා කරයි.
දැනට මෙම දුම්රිය මාර්ගයේ අනුරාධපුරයේ සිට මහව දක්වා ඉදි කිරීම් කටයුතු සිදු කරගෙන යන බවත් එම කටයුතු මාස දෙකක් තුළ නිම කිරීමට බලාපොරොත්තු වන බවත් පවසන අමාත්‍යවරයා, නවීකරණ කටයුතු අවසන් වූ පසු කන්කසන්තුරයේ සිට කොළඹට පැමිණීමට ගත වන කාලය පැය 1 1/2කින් පමණ අඩුවනු ඇති බවද පවසා ඇත.
(දිනමිණ)