පුවත්

උතුරු ධීවරයන් වැටලූ මියන්මාර් නැවේ 104 බේරා ගැනෙති!

Published

on

මෙරට මුහුදු සීමාව තුළ ආපදාවට පත් මියන්මාර් ජාතිකයින් 104දෙනෙකු මුදා ගැනීමට ශ්‍රී ලංකා නාවික හමුදාව පියවර ගෙන තිබේ.

මියන්මාරයේ සිට ඉන්දුනීසියාව දක්වා ගමන් කරමින් තිබු මගී ප්‍රවාහන යාත්‍රාවක ඇති වූ කාර්මික දෝෂයක් හේතුවෙන් එම නැව මෙරට මුහුදුසීමාවට තල්ලුවීම නිසා නාවික හමුදාවට මේ මුදා ගැනීම සිදුකිරීමට සිදුව ඇත.

වෙත්තලකේනි ප්‍රදේශයට නාවික සැතපුම් 3.5ක් පමණ උතුරු දෙසින් වූ මෙරට මුහුදු ප්‍රදේශයට පෙරේදා (17) රාත්‍රියේ මෙම යාත්‍රාව අනවසරයෙන් පැමිණ ඇති බව සඳහන් වේ.

ඒ අනුව පියවර ගත් ශ්‍රී ලංකා නාවික හමුදාව ඔවුන් නිරුපද්‍රිතව මුදාගැනීමට සමත්ව තිබේ.

ඔවුන් මේ වන විට කන්කසන්තුරය වරාය වෙත රැගෙනවිත් ඇති අතර එම පිරිස ඉදිරි කටයුතු සඳහා අදාල පාර්ශ්වයන් වෙත යොමු කිරීමට නියමිතය.

මේ නැව සම්බන්ධයෙන් නාවික හමුදාවට මුලින්ම දැනුම් දී තිබුණේ උතුරේ ධීවරයන් විසිනි.

සැබැඳි පුවත්
උතුරු ධීවරයින් පිරිසක් පේදුරුතුඩුවේදී විදෙස් යාත්‍රාවක් අත්අඩංගුවට ගනී !

Trending

Exit mobile version