පුවත්

උතුරු ධීවරයින් පිරිසක් පේදුරුතුඩුවේදී විදෙස් යාත්‍රාවක් අත්අඩංගුවට ගනී !

Published

on

පේදුරුතුඩුවට නාවික සැතපුම් 18ක් පමණ දුරින් විදේශිකයන් 100කට අධික පිරිසක් රැගත් යාත්‍රාවක් යාපනය ධීවරයින් විසින් ඊයේ (17) අත්අඩංගුවට ගෙන තිබේ.

ධීවරයින් විසින් එම යාත්‍රාව පිළිබඳව වහාම උතුරු නාවික විධානයට දැනුම් දී ඇති අතර ඒ අනුව නාවික හමුදාව විසින් එම ස්ථානයට යාත්‍රා තුනක් පිටත් කර යවා ඇත. 

එම යාත්‍රාවේ සිටි අයගේ අනන්‍යතාව තහවුරු කර ගැනීමට සහ එය ශ්‍රී ලංකා මුහුදු සීමාවට ඇතුළු වූයේ මන්දැයි සොයා බැලීම සඳහා නාවික හමුදා යාත්‍රා ඊයේ සවස එම ස්ථානයට ළඟා වීමට නියමිතව තිබූ බව පැවසේ.

ඊයේ (17) රාත්‍රිය වන විට යාත්‍රාව කන්කසන්තුරේ වරායට ආසන්නව නැංගුරම් ලා තිබුණු බවද වාර්තා වේ.

එම යාත්‍රාවේ සිටි අය දේශීය ධීවරයින්ට නොතේරෙන විදේශීය භාෂාවක් කතා කරන අය බව පැවසෙන අතර මෙම පුද්ගලයින් කවුරුන්ද යන්න මෙතෙක් සොයා ගැනීමට නොහැකිව ඇති බවද වාර්තා වේ.

Trending

Exit mobile version