පුවත්

උතුරු – නැගෙනහිර ආගමික ගැටළු විසඳන්න ආගමික නායකයින්ගේ ප්‍රධානත්වයෙන් කමිටු 

Published

on

රට පුරා පිහිටා තිබෙන ආගමික සිද්ධස්ථාන සහ ඓතිහාසික ස්ථාන ආරක්ෂා කිරීමට රජය අධිෂ්ඨානශීලීව කැපවන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ මහනුවරදී අවධාරණය කර තිබේ. 

එමෙන්ම, උතුරු හා නැගෙනහිර පළාත්වල ඇතිවන ආගමික ගැටළුකාරී තත්ත්වයන්ට විසඳුම් සෙවීම අරමුණු කරගනිමින් ඒ ඒ පළාත්වල ආගමික නායකයින්ගේ ප්‍රධානත්වයෙන් කමිටු පිහිටුවන බව ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළ බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

ඊයේ දිනයේදී ජනපතිවරයා විසින් මල්වතු හා අස්ගිරි පාර්ශව වල මහනායකවරුන් බැහැදැක ආශිර්වාද ලබා ගත්තේය.

Trending

Exit mobile version