Connect with us

පුවත්

උතුරු නැගෙනහිර ඉඩම් ගැන ජනපතිගෙන් පුරාවිද්‍යා අධ්‍යක්ෂට නියෝගයක්!

Published

on

නැවත දැනුම් දෙනතුරු උතුරු හා නැගෙනහිර පළාත්වල ඉඩම් අත්පත් කර ගැනීම වහාම නවත්වන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පුරාවිද්‍යා අධ්‍යක්ෂවරයාට නියෝග කර ඇතැයි වාර්තා වේ.

ජනාධිපතිවරයා හා උතුරු නැගෙනහිර පළාත්වල දෙමළ දේශපාලන පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් අතර ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැති සාකච්ඡාවකින් පසු මෙම නියෝගය සිදු කර ඇත.

උතුරු හා නැගෙනහිර පළාත්වල ජනතාවගේ ඉඩම් ගැටලුව, දේශපාලන විසඳුම් ගෙන ඒම සහ පළාත් සංවර්ධනය පිළිබඳ පසුගිය 11,12 සහ13 දිනවලදී ජනාධිපති ලේකම් කාර්යාලයේදී සාකච්ඡා කිරීමට නියමිතව තිබිණි. 

එහෙත් 11 සහ 12 දෙදින පමණක් එම සාකච්ඡාව පැවැත්වීමට තීරණය වූයේ එම පළාත් සංවර්ධය පිළිබඳ වෙනම දිනයක සාකච්ඡා කිරීමට එකඟතාව පළවීමෙන් පසුවය.

මෙම සාකච්ඡාවේදී දෙමළ දේශපාලන පක්ෂ නියෝජිතයන් ජනාධිපතිවරයා හමුවේ පෙන්වා දී තිබුණේ වනජීවී දෙපාර්තමේන්තුව, මහවැලි සංවර්ධන අධිකාරිය හා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව එක්ව දෙමළ ජනතාවට අයත් ඉඩම් අසාධාරණ අන්දමින් අත්පත් කරගෙන සිටින බවයි. 

පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව හිතුම තේට පුරාවිද්‍යා ස්ථාන වශයෙන් විවිධ ඉඩම් නම් කර මෙම ක්‍රියාවලිය සිදුකරගෙන යන බව ඔවුහු පෙන්වා දී තිබේ.

එහිදී දෙමළ දේශපාලන නියෝජිතයන් වැඩිදුරටත් පවසා තිබුණේ මේ ගැන සොයා බලා ස්ථිර තීරණයක් ගන්නාතුරු ඉඩම් අත්පත් කර ගැනීම් නවතන ලෙස අදාළ රාජ්‍ය ආයතන ප්‍රධානීන්ට නියෝග කරන ලෙසයි. 

තවද, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කරමින් එම පනත යටතේ අත්අඩංගුවට ගෙන දීර්ඝ කාලයක සිට රක්ෂිත බන්ධනාගාරගත කර සිටින එල්.ටී.ටී.ඊ. සැකකරුවන් නිදහස් කරන ලෙසද ඔවුන් ජනාධිපතිවරයාගෙන් ඉල්ලා තිබේ.

එහිදී ජනාධිපතිවරයා නීතිපතිවරයාගෙන්ද මේ පිළිබඳ ප්‍රශ්න කර ඇති අතර නීතිපතිවරයා පවසා ඇත්තේ මොවුන් සම්බන්ධයෙන් කඩිනමින් සොයා බලා එම නඩු කඩිනම් කරන බවයි.

ප්ලොට් හා ටෙලෝ පක්ෂ එහිදී සඳහන් කර සිටියේ මෙම සාකච්ඡාවට පාදක වූ කාරණා ගැන මීට පෙරද ජනාධිපතිවරයා සමග සාකච්ඡා කළද එහිදී ගත් තීරණ ක්‍රියාත්මක නොවූ බැවින් මෙය කාලය කා දමන සාකච්ඡාවක් කර නොගන්නා ලෙසයි.

මූලාශ්‍රය – අරුණ

සබැදි පුවත්

බලය බෙදීම ගැන ජනපති හෙට තවත් සාකච්ඡාවක

පුවත්

දෙහිවල සිටි “මැකො” උස්සලා

Published

on

By

දෙහිවල ජාතික සත්වොද්‍යානයේ කූඩුවක රඳවා සිටි රුපියල් ලක්ෂ පහකට අධික වටිනා නිල් කහ වර්ණයෙන් යුත් මැකෝ ගිරවෙකු සොරාගෙන ගොස් ඇතැයි දෙහිවල පොලිසිය කියයි.

එම ගිරවුන් රඳවා සිටින කූඩුවේ ඉබි යතුරු කඩා ඇති බව ඉකුත් 5 වෙනිදින  පෙරවරුවේ රාජකාරී සඳහා පැමිණි කූඩුව භාරකරු ඒ බව දැක පාලනාධිකාරිය දැනුම්වත් කිරීමෙන් අනතුරුව ආරක්ෂක නිලධාරියකු විසින් මෙකී පැමිණිල්ල සිදුකර ඇත

එම මැකෝ ගිරවා සමඟ තවත් ගිරවුන් 29 කු එම කූඩුව තුළ රඳවා තිබි ඇතැයි පොලිසිය කියයි. 

මෙම ගිරවා කිසියම් පුද්ගලයකුත් සොරාගෙන යන අයුරු අසල වෙළඳ සැලක සවිකරන තිබෙන සී සිටීවී කැමරාවක ද සටහන් වේ.

මෙම කූඩුවේම රඳවා සිටි නිල් කහ වර්ණයෙන් යුත් මැකෝ ගිරවෙකු 2021 වසරේ අගෝස්තු මස 8 වෙනිදින  නැති වූ අතර එම ගිරවා රත්මලාන ප්‍රදේශයේ නිවසක රඳවා සිටියදී පසුව සොයාගෙන තිබිණි

Continue Reading

පුවත්

රත්මලානේ 4ක් පොලොන්නරුවේදී ගිලී මරුට

Published

on

By

පොළොන්නරුව, අරලගන්විල ප්‍රදේශයේ පහළ ඇල්ලේ වැවේ ගිලීමෙන් පුද්ගලයින් හතර දෙනෙකු මිය ගොස් තිබේ.

පොලීසිය පැවසුවේ, රත්මලාන ප්‍රදේශයේ සිට ඥාති නිවසකට පැමිණි පිරිසක් එලෙස අනතුරට ලක්ව ඇති බවයි.

අනතුරින් මියගොස් ඇත්තේ, කාන්තාවන් තුන්දෙනෙකු සහ පිරිමි පුද්ගලයෙකි.

Continue Reading

පුවත්

බන්ධනාගාර කොමසාරිස් අදත් CIDයට කැඳවලා

Published

on

By

බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා දෙවැනි වරටත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට කැඳවා ඇතැයි වාර්තා වේ.

ඒ, ජනපති සමාව ලැබුණු බව පවසමින්, අනුරාධපුර බන්ධනාගාර රැඳවියෙකු නිදහස් කිරීම ගැන ප්‍රකාශයක් ගැනීමට බව පැවසේ. 

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved