Connect with us

පුවත්

උතුරු නැගෙනහිර ඉඩම් ගැන රජයෙන් තීරණයක්

Published

on

උතුරු නැගෙනහිර ජනතාවගේ ඉඩම් පවරා ගැනීමේ කිසිදු අරමුණක් රජයට නොමැති බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසයි.

ඇය පවසන්නේ, රජයේ අරමුණ ඉඩම් අයිතිය ඇති ජනතාවට ඒවා කඩිනමින් පවරා දීම බවය.

උතුරු නැගෙනහිර ජනතාව මුහුණ දෙන ඉඩම් හිමිකම් පිළිබඳ ගැටළු විසදීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ පැවති සාකච්ඡාවකට එක්වෙමින් ඇය මේ බව සඳහන් කළාය.

මෙතෙක් කලක් උතුරු නැගෙනහිර ඉඩම් අයිතිය නිරවුල් කිරීම වෙනුවෙන්, පැවති රජයන් ගෙන ගිය වැඩපිළිවෙල පිළිබඳ ජනතාව තුළ සැකයක් මතුව ඇති බව ද ඇය එහිදී පවසා තිබේ.

අයිතිය හිමි ජනතාව සතුව අයිතිය ඔප්පු කිරීමට ලේඛන කිසිවක් නොමැති බැවින් ජනතා විශ්වාසය දිනාගත් ක්‍රමවත් වැඩපිළිවෙළක් ඒ සඳහා අවශ්‍ය බව උතුරු නැගෙනහිර නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් මෙහිදී පෙන්වා දී ඇති බව සඳහන්.

ඔවුන් පෙන්වා දී ඇත්තේ ඇතැම් පිරිස් වංචනිකව ඉඩම් අත්පත්කරගෙන ඇති බැවින් රජය විසින් අදාළ ප්‍රශ්නයට සාධාරණ විසඳුමක් ලබා දෙනු ඇතැයි ජනතාව තුළ විශ්වාසයක් පවතින බවයි.

ජනතාවගේ සැකය නැතිවන පරිදි නිසි ක්‍රමවේදයක් හඳුන්වා දෙමින් නීත්‍යානුකූලව තහවුරු කිරීම් සමග ඉඩම් අයිතිය ජනතාවට ලබාදිය යුතු බව රජයේ එකඟතාව බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙහිදී අවධාරණය කර තිබේ.

ඒ අනුව ජනතාව සහ අදාළ අංශ සමග සාකච්ඡා කර ඉදිරියේදී නිසි විසඳුමක් ලබාදීමට කටයුතු කරන ලෙසත් අග්‍රාමාත්‍යවරිය නිලධාරීන්ට උපදෙස් ලබාදී ඇත.

පුවත්

සජබේ අවුලක්: තවත් තිදෙනෙක් ඉල්ලා අස්වෙයි

Published

on

By

ජාතික සමගි ජන බලවේගයේ මාතලේ දිස්ත්‍රික්කයේ ආසන සංවිධායකවරුන් තිදෙනෙකු අද (24) සිට සිය ආසන සංවිධායක ධූරවලින් ඉවත් වීමට තීරණය කර තිබේ.

මෙසේ ආසන සංවිධායක ධූරවලින් ඉවත්ව ඇත්තේ, මාතලේ ප්‍රධාන සංවිධායක වසන්ත අලුවිහාරේ, දඹුල්ල ප්‍රධාන සංවිධායක චම්පික විජේරත්න සහ රත්තොට ආසන සංවිධායකවරයා වන රජිත් අලුවිහාරේ යන තිදෙනාය.

හිටපු රාජ්‍ය අමාත්‍යය රජිත් අළුවිහාරේ මහතා පවසන්නේ, ඔවුන් තිදෙනාම සමගි ජන බලවේගයේ ආසන සංවිධායක ධූරවලින් ඉල්ලා අස්වීමේ ලිපි භාරදීමට නියමිත බවය.

දිගින් දිගටම පක්ෂය මගින් සිදු කරන ලද විවිධ කෙනෙහිලි කම් නිසා මෙම තීරණය ගත් බවත් තවත් බොහෝ පිරිසක් මේ ආකාරයෙන් තම ආසන සංවිධායක ධූරවලින් විසිහතර දින ඉල්ලා අස්වීමේ ලිපි භාරදීමට නියමිතව තිබෙන බවත් රජිත් අලුවිහාරේ මහතා පවසා තිබේ.

Continue Reading

පුවත්

විභාග දෙපාර්තමේන්තුවෙන් දැනුම් දීමක්

Published

on

By

අද (24) සහ හෙට (25) දහම් පාසල් අවසාන සහතික පත්‍ර විභාගය හා 2024 සාමාන්‍ය පෙළ සෞන්දර්ය ප්‍රායෝගික පරීක්ෂණවලට පෙනී සිටින සිසුන්ට ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව විසින් විශේෂ දැනුම් දීමක් කර තිබේ.

විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කර ඇත්තේ යම් සිසුවෙකුට එම විභාග දෙකටම එකම දිනයකදී පෙනි සිටීමට සිදුව ඇත්නම්, ඔවුන්ට අ.පො.ස. සාමාන්‍යපෙළ ප්‍රායෝගික පරීක්ෂණ සඳහා වෙනත් දිනයක් ලබා ගත හැකි බවය.

ඒ සඳහා තමන් වෙත ලැබී ඇති ප්‍රවේශ පත්‍රය සහ දහම් පාසල් අවසාන සහතික පත්‍ර විභාගය සඳහා නිකුත් කරන ලද ප්‍රවේශ පත්‍රය හෝ එහි සහතික කළ පිටපතක් ලබන අඟහරුවාදාට පෙර අදාළ අධ්‍යාපන කලාපයේ සෞන්දර්ය අධ්‍යාපන අධ්‍යක්ෂ වෙත ඉදිරිපත් කළ යුතු බව ද ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.

Continue Reading

පුවත්

නිළි රැජිනගේ අවසන් කටයුතු අනිද්දා

Published

on

By

හෙළ සිනමාවේ නිළි රැජින අභාවප්‍රාප්ත ප්‍රවීණ රංගන ශිල්පිනී මාලිනී ෆොන්සේකා මහත්මියගේ දේහය පිළිබඳ අවසන් කටයුතු රාජ්‍ය ගෞරව සහිතව එළැඹෙන 26වනදා කොළඹ නිදහස් චතුරශ්‍රයේදී සිදුකිරීමට නියමිතව ඇත

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved