Connect with us

පුවත්

උතුරු – නැගෙනහිර ජනතාවට විශේෂ දැනුම්දීමක්

Published

on

ගිණිකොනදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශ ආශ්‍රිතව ඉදිරි පැය 24 තුළ අඩු පීඩන කලාපයක් නිර්මාණය වීමේ හැකියාවක් පවතින අතර එම පද්ධතිය තවදුරටත් සෙමින් වර්ධනය වෙමින් බටහිරට බරව වයඹ දෙසට ගමන් කරනු ඇත.

ඉන් පසුව එළඹෙන දින දෙක තුළදී, එය දිවයිනේ උතුරුට ආසන්නව තමිල්නාඩු වෙරළ දෙසට ගමන් කිරීමේ හැකියාවක් පවතී.

මෙම පද්ධතිය සම්බන්ධව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරනු ලබන ඉදිරි අනාවැකි සහ නිවේදන පිළිබඳව, විශේෂයෙන්ම දිවයිනේ නැගෙනහිර සහ උතුරු පළාත්වල වෙසෙන මහජනතාව අවධානයෙන් පසුවන ලෙස ඉල්ලා සිටී.

දිවයිනේ බොහෝ ප්‍රදේශවල අහස වළාකුලින් බරව පවතිනු ඇත.

උතුරු, නැගෙනහිර, උතුරු-මැද, ඌව සහ වයඹ පළාත්වලත් මාතලේසහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින්විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. සෙසු ප්‍රදේශවල සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකිය.

උතුරු, නැගෙනහිර, උතුරු-මැද සහ ඌව පළාත්වලත් මාතලේ දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවලට මි.මී. 100 පමණ තද වැසි ඇතිවිය හැක.

බස්නාහිර වෙරළබඩ ප්‍රදේශවල උදෑසන කාලයේදීත් වැසි ස්වල්පයක් ඇතිවිය හැක.

උතුරු, උතුරු-මැද සහ වයඹ පළාත්වලත් මාතලේ සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. 40 ක පමණතරමක තද සුළං ඇතිවිය හැකිය.

මධ්‍යම, සබරගමුව සහ දකුණු පළාත්වල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැක.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටී

පුවත්

ඩෙංගු අධි අවදානම් කොට්ඨාස 38ක්

Published

on

By

ඩෙංගු රෝගය ව්‍යාප්ත වීමේ අධි අවදානම් සෞඛ්‍ය වෛද්‍ය බල ප්‍රදේශ 38ක් හඳුනා ගෙන ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි.

එහි අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා ප්‍රකාශ කළේ, මැයි මාසයේ මේ දක්වා රෝගීන් 2,200ක් හඳුනාගෙන ඇති බවයි.

මේ අතරින් රෝගීන්ගෙන් 47% ක් ම බස්නාහිර පළාතෙන් වාර්තා වී තිබේ.

වසරේ මේ දක්වා කාලය තුළ ඩෙංගු රෝගීන් 20,000ක් පමණ හඳුනා ගෙන ඇති බව ද වෛද්‍ය සුදත් සමරවීර මහතා පවසයි.

ඔහු සඳහන් කළේ, ඩෙංගු හා චිකුන් ගුන්යා රෝගීන් වාර්තා වීමේ වැඩිවීමක් ඇති බවය.

මෙම රෝග දෙකේම වාහකයා එකම මදුරුවෙකි.

ඩෙංගු මදුරු මර්දනය සඳහා ලබන 19 වැනිදා සිට 24 වැනිදා දක්වා විශේෂ ඩෙංගු මර්දන වැඩපිළිවෙළක් ක්‍රියාත්මක බව වෛද්‍ය සදත් සමරවීර මහතා පවසයි.

ඔහු සඳහන් කළේ, දිස්ත්‍රික්ක 15ක එම වැඩපිළිවෙළ ක්‍රියාත්මක බවයි.

Continue Reading

පුවත්

Aqua, Prius ආනයනය නවතා දමයි

Published

on

By

වාහන ඉල්ලුම බලාපොරොත්තු වූ තරමට නොවීම හේතුවෙන් මෙරටට ආනයනය කරන මෝටර් රථ මාදිලි කිහිපයක ආනයනය නවත්වා ඇති බව වාර්තා වේ.

මේ අතර වූ ප්‍රධාන මාදිලි වන්නේ ටොයොටා සමාගමේ ඇක්වා (Aqua)  සහ ප්‍රියස් (Prius) මෝටර් රථයි.

නව බදු අනුපාත හේතුවෙන් මෙම වාහනවල මිල අධික ඉහළ යාම නිසා ආනයනකරුවන් විසින් එම මාදිලි ආනයනය තාවකාලිකව අත්හිටුවා ඇත.

ඉහළ බදු අනුපාත හේතුවෙන්  මධ්‍යම පාන්තික ග්නුම්කරුවන්ගේ  වාහන ඉල්ලුම සැලකිය යුතු ලෙස පහත වැටී තිබේ.

එසේ නමුත්  වාහන මිල ගැන වැඩි නොසලකන ධනවත් පිරිසක් සාමාන්‍ය පරිදි වාහන මිලදී ගන්නා නිසා, සුඛෝපභෝගී මෝටර් රථ ආනයනය වැඩි වශයෙන් සිදු වන බව ආනයනකරුවෝ පවසති.

Continue Reading

පුවත්

කැනඩාවේ මහජන ආරක්ෂක අමාත්‍යධූරය ගැරී ආනන්දසංගරීට

Published

on

By

කැනඩාවේ නව මහජන ආරක්ෂක අමාත්‍යවරයා ලෙස  ශ්‍රී ලාංකේය දෙමළ සම්භවයක් සහිත ගැරී ආනන්දසංගරී (Gary Anandasangaree) මහතා පත් කර තිබේ.

මහජන ආරක්ෂක අමාත්‍යවරයා ලෙස, ගැරී ආනන්දසංගරී මහතා මහජන ආරක්ෂාව, ජාතික ආරක්ෂාව, හදිසි අවස්ථා කළමනාකරණය, පුරවැසිභාවය, සහ දේශසීමා ආරක්ෂාව ඇතුළු බොහෝ වැදගත් වගකීම්වලට නායකත්වය දෙනු ඇත.

2025 මැයි 13 වැනිදා ප්‍රකාශයට පත් කරන ලද සැලකිය යුතු කැබිනට් ප්‍රතිසංවිධානයක කොටසක් ලෙස මෙම පත්වීම සිදුව ඇති අතර, එය මැතිවරණයෙන් සති දෙකකට පසුව සිදු කරන ලදී.

මීට පෙර ගැරී ආනන්දසංගරී කැනඩාවේ අධිකරණ අමාත්‍යවරයා ලෙස කටයුතු කළේය.

සබැඳි පුවත්

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved