පුවත්

උතුරු මුහුදේ සිදුවු අනතුරකින් ඉන්දීය ධීවරයෙක් මරුට

Published

on

ඩෙල්ෆ් දූපත ආසන්නයේ මෙරට මුහුදු සීමාවේ දී සිදුවු අනතුරකින් ඉන්දීය ධීවරයෙකු මියගොස් තවත් අයෙකු අතුරුදන්ව තිබෙන බවට වාර්තා වේ.

නාවික හමුදාව සඳහන් කළේ, නීතිවිරෝධී ලෙස මෙරට මුහුදු සීමාවට ඇතුළු වූ ඉන්දීය ධීවරයින් පිරිසක් අත්අඩංගුවට ගැනීමට යාමේ දී ඔවුන් ගමන්ගත් යාත්‍රාව පෙරළී මෙම අනතුර සිදුව ඇති බවය.

අනතුරෙන් ධීවරයින් සිව්දෙනෙකු මුහුදට වැටී ඇති අතර ඉන් තිදෙනෙකු බේරාගෙන පුන්කුඩතිව් රෝහලට ඇතුළත් කිරීමේ දී එක් අයෙකු මියගොස් තිබෙන බව පැවසේ.

අනෙක් ධීවරයා සෙවීමේ කටයුතු තවදුරටත් සිදුකෙරෙන බව නාවික හමුදාව සඳහන් කලේය.

Trending

Exit mobile version