Connect with us

පුවත්

රවී සෙනෙවිරත්න වහාම අයින් කරන්න (Update)

Published

on

පාස්කු ප්‍රහාරය සිදු වනවායි රාජ්‍ය බුද්ධි අංශයෙන් එවකට සිටි අපරාධ බුද්ධි අංශයේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනෙවිරත්නට දැනුම් දී ඇති බව පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සිදු කල විමර්ශන වාර්තාවේ සඳහන් වන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල පවසයි.

ඔහු මේ බව පැවසුවේ අද (21) පාස්කු ප්‍රහාරයේ වාර්තාව සම්බන්ධයෙන් හෙළිදරව්ව කරන විශේෂ මාධ්‍ය සාකච්ඡාව අතරතුරය.

එහිදී ඔහු කියා සිටියේ, තමා කතා කරන පාස්කු වාර්තාව වන්නේ ජනාධිපතිවරණයට පෙර රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා පත් කල කමිටුවෙන් ලබා දුන් වාර්තාව සම්බන්ධයෙන් බවය.

එම වාර්තාවේ 40 පිටුවේ සඳහන් වන්නේ රාජ්‍ය බුද්ධි සේවා අධ්‍යක්ෂ විසින් 2019 අප්‍රේල් 09 වනදා සහරාන් ඇතුළු තව්හිජාමාඩ් ප්‍රසිද්ධි කතෝලික පල්ලි ඉලක්ක කර ගනිමින් මරාගෙන මැරෙන ප්‍රහාරයක් එල්ල කිරීමට කටයුතු කරන බව විදේශ බුද්ධි අංශයෙන් දැනුම් දුන් බව අපරාධ බුද්ධි අංශයේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාට දැනුම් දී ඇති බවත්, එම නිලධාරියා මේ වන විට මහජන ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් රවි සෙනෙවිරත්න බවත් ඔහු කියා සිටියේය.

එහිදී ඔහු වැඩිදුරටත් කියා සිටියේ,

“ජනාධිපතිතුමා විසින් අපරාධයට නඩු පැවරිය යුතු බවට කමිටු විසින් නිර්දේශ කර තිබෙන පොලිසිය යටතේ තියෙන ප්‍රධානම විමර්ශනයක චූදිතයෙක් බවට, සැකකරුවෙක් බවට පත් වී තිබෙනව මහජන ආරක්ෂක අමාත්‍යංශ ලේකම් රවී සෙනෙවිරත්න මහතා වහාම එම ධූරයෙන් ඉවත් කළ යුතුයි. රවී සෙනෙවිරත්න මහතා එම ධූරයේ රැදී සිටින තුරු පොලිසියෙන් යුක්තිය බලාපොරොත්තු වෙන්න බෑ.”


(පෙර පුවත 2024 ඔක්තෝබර් 21, පෙ.ව.11:50)

උදය ගම්මන්පිලගේ විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාව (වීඩියෝ)
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා මේ වනවිට විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වයි.

එම ප්‍රවෘත්ති සාකච්ඡාවේදී පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් කරුණු හෙළිදරව් කරන බව ගම්මන්පිල මහතා පැවසුවේය.

අදාළ ප්‍රවෘත්ති සාකච්ඡාව පහතින් නැරඹිමට හැකියාව තිබේ.

පුවත්

සිසුවියගේ සියදිවි නසා ගැනීමට සැක ගුරුවරයා අනිවාර්ය නිවාඩු යවයි

Published

on

By

කොටහේන ගල්පොත්ත වීදිය මහල් නිවාස සංකීර්ණයක පදිංචිව සිටි 16 හැවිරිදි සිසුවියක සියදිවි නසාගැනීම සිද්ධියට චෝදනා එල්ල වී ඇති සැකකාර ගුරුවරයා අනිවාර්ය නිවාඩු යවා තිබේ.

නිවේදනයක් නිකුත් කරමින් අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තිය අධ්‍යාපන අමාත්‍යාංශය අද (9) පස්වරුවේ පවසා සිටියේ මෙම සිදුවීමට අදාළ පොලිස් බී වාර්තාව මේ වනවිට තම අමාශ්‍යාංශයට ලැබී ඇති බවයි.

ඒ හේතුවෙන් සිද්ධියට අදාළ ගුරුවරයා, ආයතන සංග්‍රහයේ II කාණ්ඩයේ XLVIII වැනි පරිච්ඡේදයේ 27:9 වගන්තිය ප්‍රකාරව අනිවාර්ය නිවාඩු ගැන්වීමට කටයුතු කරන බවයි.

එමෙන්ම මෙම සිද්ධියට අදාළ මූලික විමර්ශනය මේ වනවිට සිදු කෙරෙමින් පවතින අතර, එහි වාර්තාව ලද වහාම විධිමත් විනය ක්‍රියාමාර්ග ගැනීම සඳහා අවශ්‍ය කටයුතු සිදු කරන බවද එම අමාත්‍යාංශය පවසයි.

තවද මෙම සමස්ත සිදුවීමේදී යම් පාර්ශ්වයන් තම රාජකාරි වගකීම් පැහැරහැර ඇත්ද යන්න සොයා බැලීමට එම අමාත්‍යාංශය විසින් අභ්‍යන්තර පරීක්ෂණයක් ආරම්භ කර ඇත.

Continue Reading

පුවත්

වෙසක් සතියට දින තුනක් වැසෙන තැන්

Published

on

By

වෙසක් සතිය නිමිත්තෙන් දිවයින පුරා ඇති මස් මාංශ අලෙවි සැල්, රේස්බුකී, කැසිනෝ ශාලා, සමාජ ශාලා සහ සුරාසැල් වසා තැබීම ගැන රජයෙන් නිවේදනයක් නිකුත් කර තිබේ.

මැයි මස 10 සිට මැයි මස 16 වන දින දක්වා වෙසක් සතිය ලෙස නම් කර ඇත.

ඒ අනුව මැයි මස 12,13 සහ 14 වන තෙදින පුරා දිවයින පුරා ඇති මස් පිණිස සතුන් ඝාතනය කරන ස්ථාන, මස් මාංශ අලෙවි සැල් සහ සුරා සැල් වසා තැබෙනු ඇත.

මීට අමතරව සුපිරි වෙළෙඳසැල්වල මස් මාංශ අලෙවි කිරීම තහනම් වන අතර, රේස් බුකී, කැසිනෝ ශාලා සහ සමාජ ශාලා වසා තැබීමට කටයුතු කරන ලෙස රජය දැනුම්දී තිබේ. 

Continue Reading

පුවත්

හෙටින් ඇරඹෙන ජාතික වෙසක් සතිය

Published

on

By

ජාතික වෙසක් සතිය මැයි 10 වැනිදා සිට 16 වැනිදා දක්වා කාලය තුල ප්‍රකාශයට පත්කර ඇත.

මෙවර රාජ්‍ය වෙසක් උත්සවය නුවරඑළිය දිස්ත්‍රික්කය කේන්ද්‍ර කරගනිමින් පැවැත්වීමට රජය තීරණය කර තිබේ.

ඒ අනුව බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යංශය, රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යංශය සහ බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව එක්ව නුවරඑළිය දිස්ත්‍රික්කය කේන්ද්‍ර කරගනිමින් නුවරඑළිය ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථාන විහාරස්ථානයේදී වෙසක් සතිය මැයි 10 දින සිට 16 දින දක්වා පැවැත්වීමට නියමිතය.

මෙම වසරේ රාජ්‍ය වෙසක් මහෝත්සවය “කළණ ගුණ ඇති උතුම් මිනිසුන් ඇසුරු කරමු” යන තේමාව යටතේ පැවැත්වේ.

මෙම වෙසක් සතිය තුළ සියලුම රාජ්‍ය හා පෞද්ගලික ආයතනවල, නිවාසවල බෞද්ධ කොඩිය ඔසවා තැබීමත් එම ගොඩනැගිලි පරිසර හිතකාමී වෙසක් සැරසිලිවලින් අලංකාර කිරීමත් කළ යුතු බව රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යංශය සදහන් කර ඇත.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved