ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් ආණ්ඩුවට විරෝධය පළ කිරීම සඳහා සිය පාක්ෂිකයන් 50,000ක පමණ පිරිසක් කොළඹට අද (30) කැඳවන බව සමගි ජන බලවේගය කියා සිටී.
කෙසේවුවද, ඔවුන්ගේ පාක්ෂිකයන් රැස්වන ස්ථානය සමගි මෙතෙක් අනාවරණය කර නැහැ.
අදාළ ස්ථානය පිළිබඳ අද පෙරවරුවේ ප්‍රකාශ කරන බව සමගි ජන බලවේගයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුමබණ්ඩාර මහතා කියා සිටී.
මේ සම්බන්ධයෙන් සමගි ජනබලවේගය පල කර ඇති වීඩියෝව පහතින්.