පුවත්

උද්දික නාටකයේ ASP ගෙන්න ගන්න පොලීසිය උසාවියේ පිහිට පතයි

Published

on

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්නගේ මෝටර් රථයට වෙඩි තැබීමේ සිද්ධියට අදාළව චෝදනා ලබා සිටින සහකාර පොලිස් අධිකාරී සංජීව මහානාම අත්අඩංගුවට ගැනීම සඳහා අධිකරණ නියෝගයක් ලබා ගැනීමට පොලිසිය කටයුතු කරන බවට තොරතුරු වාර්තා වී තිබේ.

මෙම සිද්ධිය පිළිබඳව විමර්ශන පැවැත්වෙන අතරතුරදී සහකාර පොලිස් අධිකාරීවරයා කටුනායක ගුවන්තොටුපළේදී සිය ගිනි අවිය වෙනත් පුද්ගලයෙකුට භාරදී ඉකුත් 12 වැනිදා විදේශගත වී ඇති බවට මේ වන විට තොරතුරු අනාවරණය වී ඇත.

මන්ත්‍රීවරයා සහකාර පොලිස් අධිකාරීවරයා සමඟ එක්ව සැලසුම් සහගතව එම වෙඩි ප්‍රහාරය එල්ල කර ඇති බවට මූලික පොලිස් පරීක්ෂණ වලදී හෙළි වී තිබේ.

මේ අතර, අදාළ සිද්ධිය සම්බන්ධයෙන් රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්නගෙන් ප්‍රකාශයක් සටහන් කර ගැනීමට කටයුතු කරගෙන යන බවද වාර්තා වේ.

උද්දික ප්‍රේමරත්න මන්ත්‍රීවරයාගේ වාහනයට එම වෙඩි ප්‍රහාරය සිදුවූයේ 2023 වර්ෂයේ සැප්තැම්බර් 17 වැනිදාය

අනුරාධපුරයේ පිහිටි ඔහුගේ නිවසට පැමිණ ටික වේලාවකින් අනතුරුව අනතුරුව නාඳුනන තුවක්කුකරුවන් ඔහුගේ මෝටර් රථයට වෙඩි තබා ඇති බවට තොරතුරු වාර්තා විය.

එම වෙඩි ප්‍රහාරයෙන් මෝටර් රථයේ පැති වීදුරුවට අලාභ හානි සිදු වූ නමුත් මන්ත්‍රීවරයාට කිසිදු හානියක් සිදු නොවීය.

උද්ධික ප්‍රේමරත්න මන්ත්‍රීවරයා පසුගිය පෙබරවාරි මස 27 වැනිදා සිය පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයෙන් ඉල්ලා අස්වු අතර පසුව ඔහුද විදේශගත විය.

සබැඳි පුවත්
උද්දිකගේ අතාත්වික රංගනය ගැන තල්දූව හෙළිකරයි

Trending

Exit mobile version