පුවත්

උද්භිද උද්‍යාන සඳහා ඇතුළුවීමේ ගාස්තු ඉහළට

Published

on

ජුලි මස 01දා සිට  ක්‍රියාත්මක වන පරිදි උද්භිද උද්‍යාන සඳහා ඇතුළුවීමේ ගාස්තු ඉහළ දැමීමට රජය තීරණය කර ඇත.

සංචාරක හා ඉඩම් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා විසින් නිකුත් කර ඇති අතිවිශෙෂ ගැසට් නිවේදනයක මේ බව දැක්වේ.

ඒ අනුව දේශීය වැඩිහිටි පුද්ගලයින් සඳහා ඇතුළුවීමේ ගාස්තුව රු. 100 සිට රු. 200ක් දක්වා ද, මෙරට ළමුන් සඳහා ඇතුළුවීමේ ගාස්තුව රු. 20 සිට 30 දක්වා ද වැඩි කර තිබේ.

එමෙන්ම විදේශීය වැඩිහිටි සඳහා උද්භිද උද්‍යාන සඳහා නව ඇතුළුවීමේ ගාස්තුව රුපියල් 3,000ක් වන අතර, විදේශීය ළමුන් සඳහා එම ගාස්තුව රුපියල් 1,500ක් වේ.

සම්පූර්ණ ගැසට් නිවේදනය මෙසේය.

Trending

Exit mobile version