Connect with us

පුවත්

උදාවී ඇත්තේ ජනතාව බේරාගැනීමේ අවසන් අවස්ථාවයි – මනූෂ

Published

on

උදාවී ඇත්තේ රට බේරාගැනීමේ අවසන් අවස්ථාව යැයි මෙතක් බිහිවූ නායකයින් දිගින දිගටම පවසූ නමුත් සත්‍ය වශයෙන්ම උදාවී ඇත්තේ ජනතාව බේරා ගැනීමේ අවසන් අවස්ථාව බවත් ඒ සඳහා හැකියාව පවතින එකම නායකයා වර්ථමාන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පමණක් බවත් කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා පැවසීය.  

මීට වසර දෙකකට පෙර රටේ පැවති දරුණු ආර්ථික අර්බුදයෙන් රට මුදා ගැනීමට හැකි වූයේ ජනතාව බේරාගැනීම උදෙසා ජනාධිපතිවරයා කටයුතු කළ නිසාවෙන් බව ද ඒ මහතා කීය.

කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශය සංවිධානය කළ ‘ජයගමු ශ්‍රී ලංකා’ ජංගම සේවා වැඩසටහනේ සම්රම්භක උත්සවය අනුරාධපුර සල්ගාදු ක්‍රීඩාංගනයේදී අද (31) ආරම්භ වූ අවස්ථාවේදී අමාත්‍යවරයා එසේ පැවසීය.

මෙම වැඩසටහනේදී  විදේශ රැකියා සඳහා වෘත්තීය පුහුණු අවස්ථා සම්බන්ධයෙන් ජනතාව දැණුවත් කිරීමේ වැඩසටහන්, ශ්‍රම බලකායේ වෘත්තීය ගරුත්වය ආරක්ෂා කරන ගරු සරු වැඩසටහන ද පැවැත්වේ.

ජනතාවට සේවා නියුක්තිකයින්ගේ භාර අරමුදල් සහ සේවක අර්ථ සාධක අරමුදල් සම්බන්ධයෙන් වූ ගැටලු සඳහා විසදුම් ගැනීම සඳහා විශේෂ සේවාවන් ද මෙහිදී සපයනු ලැබීය.  

ජයගමු ශ්‍රී ලංකා වැඩසටහන ආරම්භ කරමින් අමාත්‍යවරයා අනුරාධපුර දිස්ත්‍රික්කයේ පක්ෂ විපක්ෂ සියලුම මහජන නියෝජිතයින් එක් කරගනිමින් ජාතික ධජය එසවීය.

මෙම අවස්ථාවට රාජ්‍ය අමාත්‍ය ජගත් පුෂ්පකුමාර, පාර්ලිමේන්තු මන්ත්‍රීවරු වන දුමින්ද දිසානායක, එස්. එම්. චන්ද්‍රසේන, ඉශාක් රහුමාන්, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පී. හැරිසන්, හිටපු පළාත් ප්‍රධාන අමාත්‍ය එස්. එම්. රංජිත්, හිටපු පළාත් අමාත්‍ය පී. එච්. සේමසිංහල හිටපු පළාත් විපක්ෂ නායක කස්තුරි අනුරාධනායක යන මහත්වරු ඇතුළු පිරිසක් මේ අවස්ථාවට සහභාගි වූහ. 

පුවත්

යළිත් ලොකු වැස්සක්

Published

on

By

ජුනි මස 10 වනදා සිට දිවයිනේ නිරිතදිග කොටසේ වැසි තත්ත්වයේ වැඩිවීමක් අපේක්ෂා කෙරෙන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අද (07) නිකුත් කළ නවතම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ දිවයින හරහා සහ දිවයින වටා මුහුදු ප්‍රදේශවල විටින් විට හමන තද සුළං ද බලාපොරොත්තු වියහැකි බවය.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් මේ සම්බන්ධයෙන් නිකුත් කරනු ලබන ඉදිරි නිවේදන පිළිබඳව, අවධානයෙන් පසුවන ලෙසද මහජනතාවගෙන් ඉල්ලා සිටී.

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද දිනයේ වැසි වාර කිහිපයක් ඇති වෙයි.

උතුරු සහ ඌව පළාත්වලත් අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකිය.

මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලත් උතුරු, උතුරු – මැද, වයඹ සහ දකුණු පළාත්වලත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයෙත් විටින් විට හමන පැ.කි.මී. 30ත් 40ත් පමණ තරමක තද සුළං ඇති වෙයි.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කරගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් ඉල්ලීමක් ද කරයි.

Continue Reading

පුවත්

ට්‍රම්ප් චීනයේ සංචාරයකට

Published

on

By

චීන ජනපති ෂී ජින් පින්ගේ ආරාධනයකට අනුව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් චීනයේ සංචාරයකට සූදානම් වන බව විදෙස් මාධ්‍යය වාර්තා කරයි.

ෂී ජින්පින් සමග පැවති දුරකථන සංවාදයකින් අනතුරුව ට්‍රම්ප් ඒ බව ප්‍රකාශ කර ඇති බව වාර්තා වේ.

මෙම දුරකථන සංවාදය “ඉතා හොඳ සාකච්ඡාවක්“ ලෙස ධවල මන්දිරය සමාජ මාධ්‍ය ඔස්සේ නිවේදනය කර තිබුණි.

දෙරට අතර තීරුබදු ගැටලුව හමුවේ පසුගිය පෙබරවාරි මාසයේදී නායකයින් දෙදෙනා සාකච්ඡා කිරීමෙන් පසු දුරකථන සංවාදයක් සිදුවූ පළමු අවස්ථාව මෙයයි.

ධවල මන්දිරයේ ඉල්ලීමකට අනුව අදාළ දුරකථන ඇමතුම සිදු වූ බව චීන රාජ්‍ය මාධ්‍ය වාර්තා කර ඇති අතර පැය එකහමාරක පමණ කාලයක් සංවාදය පැවති අතර එහිදී ප්‍රධාන වශයෙන් වෙළඳාම කෙරෙහි අවධානය යොමු කර ඇත.

ට්‍රම්ප් පවසා ඇත්තේ තමන්ද ෂී ජින් පින්ට අමෙරිකාවට පැමිණෙන ලෙස ආරාධනා කළ බවයි.

කෙසේ නමුත් විදෙස් විචාරකයන් පවසන්නේ අමෙරිකාව හා චීනය අතර වෙළෙඳ ගැටුම් පවතින පසුබිමක මෙම සාකච්ඡා සිදුවීමත් විශේෂත්වයක් බවයි.

Continue Reading

පුවත්

චමල් රාජපක්ෂ අත්අඩංගුවට!

Published

on

By

හිටපු කථානායකවරයකු මෙන්ම මහින්ද රාජපක්ෂ හා ගෝඨාභය රාජපක්ෂ රජයයන් සමයේ හිටපු ප්‍රබල ඇමැතිවරයකුද වූ චමල් රාජපක්ෂ මහතා ඉදිරි දින කිහිපය තුළ අත්අඩංගුවට ගැනීමට නියමිත බව වාර්තා වේ.

ඒ 2022 වසරේ මැයි මස 9 වැනිදා අරගලයේදී තිස්සමහාරාමයේ මාගම පිහිටි තම නිවෙස ඇතුළු දේපළට ගිනි තබා විනාශ කළ බවට ව්‍යාජ තොරතුරු ලබා දී රජයෙන් රුපියල් එක්කෝටි පනස්ලක්ෂ විසි දෙදහස් හයසීයක මුදලක් වංචනිකව ලබා ගැනීමේ චෝදනාව යටතේ බව පැවසේ.

මේ සම්බන්ධ විමර්ශන අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව විසින් සිදු කරනු ලබන බවද පැවසේ.

තිස්සමහාරාමයේ මාගම පිහිටි එම දේපළ චමල් රාජපක්ෂට අයත් නොවන්නක් බවත්, එය වෙනත් අයකු නමින් ඇති බවත් මේ වන විට අනාවරණය වී ඇති අතර, එහි කිසිදු නිවෙසක් නොතිබූ බවත් එහි වී ගබඩාවක් පමණක් තිබී ඇති බවත් හෙළිව ඇත.

අදාළ දේපළ තමන් භුක්තිවිඳින බවට චමල් රාජපක්ෂ දිවුරුම් පෙත්සමක් දී ඇති අතර, පසුව කළ විමර්ශනයේදී එහි වී ගබඩාවක් පමණක් තිබුණු බව අනාවරණය වී ඇත.

අදාළ දේපළ චමල් රාජපක්ෂට අයත් නොවන්නක් බව හෙළි වීමෙන් පසු, 2023.7.27 දිනැතිව රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම් කේ.ඩී.එන්.ආර්. අසෝක මහතාගේ අත්සනින් යුතුව එම අමාත්‍යාංශයේ අතිරේක ලේකම් (පාර්ලිමේන්තු කටයුතු අංශ) ආර්.එම්.එන්.ඊ.කේ. රණසිංහ මහතා විසින් අදාළ ගෙවීම් තම විෂයපථය යටතේ කළ නොහැකි බව හානි පූරණය සඳහා වන කාර්යාලයේ අධ්‍යක්ෂ ජනරාල් වෙත දන්වා තිබේ.

කෙසේ වෙතත් 2023.07.20 දිනැතිව තක්සේරු දෙපාර්තමේන්තුවේ තක්සේරුකරුවකු විසින් එහි නිවෙසක් තිබී ඇති බවත් එහි වටිනාකම රුපියල් 1,48,00,000ක් බවත් දැක්වෙන තක්සේරු වාර්තාවක් ඉදිරිපත් කර තිබේ.

ඒ අනුව වී ගබඩාවේ හානිය වන රු. 222,600ක් හා නොතිබූ නිවෙසක් වෙනුවෙන් රු. 1,48,00,000ක් වශයෙන් රු. එක්කෝටි පනස්ලක්ෂ විසිදෙදහස් හයසීයක මුදලක් රජයෙන් ලබාගෙන ඇත.

මෙම මුදල් ගෙවීම සම්බන්ධයෙන් නීතියට හා චක්‍රලේඛයන්ට පටහැණිව කටයුතු කළ රජයේ නිලධාරීන්ට එරෙහිවද ඉදිරියේදී නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට නියමිත බව පැවසේ.

මූලාශ්‍රය – සිළුමිණ

Continue Reading

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved