පුවත්

උඳුවප් පුර පසළොස්වක අදයි!

Published

on

උඳුවප් පුර පසළොස්වක පොහොය දිනය අදට (07) යෙදී තිබේ.

දේවානම් පියතිස්ස මහ රජුගේ ආරාධනයකට අනුව සංඝමිත්තා මෙහෙණින් වහන්සේ විසින් ශ්‍රී මහා බෝධියේ දකුණු ශාඛාව මෙරටට වැඩමකර ඇත්තේ අද (07) වැනි පෙහොය දිනයකදීය.

මෙරට මෙහෙණි සස්න ආරම්භවීම ද උඳුවප් පොහොය දිනක සිදුවූ බව බෞද්ධ ඉතිහාසයේ සඳහන් වෙයි.

මේ අතර 2022 – 2023 ශ්‍රී පාද වන්දනා සමය අදින් ආරම්භ වෙයි.

පුරා සය මාසක කාලයක් පැවැත්වෙන ශ්‍රී පාද වන්දනා වාරය ලබන වසරේ වෙසක් පුර පසළොස්වක පොහොය දිනයෙන් නිමාවට පත්වීමට නියමිතය.

Trending

Exit mobile version