පුවත්

උඳුවප් පොහොය අදයි; ශ්‍රී පාද වන්දනාවත් ඇරඹෙයි

Published

on

උඳුවප් පුර පසළොස්වක පොහොය අදට (26) යෙදී තිබේ.

සංඝමිත්තා මහා රහත් තෙරණිය ඇතුළු දූත පිරිස ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ දක්ෂිණ ශාඛාව ද රැගෙන මෙරටට වැඩම කිරීම සිදුවූයේ උඳුවප් පුර පසළොස්වක දිනක යැයි ඉතිහාසයේ සඳහන් වේ.

බුදුහිමියන්ට සෙවණ දුන් ජය ශ්‍රී මහ බෝධියේ අංකුරයක් මෙරටට වැඩම කරවන්නැයි එවක රට පාලනය කළ දේවානම්පියතිස්ස රජතුමා ඉන්දියාවේ ධර්මාශෝක රජතුමාගෙන් ඉල්ලීමක් කර ඇතැයි ද පසුව මිහිඳු හිමිගේ අනුමැතිය ලැබූ සංඝමිත්තා තෙරණිය ප්‍රමුඛ පිරිස ජය ශ්‍රී මහ බෝ සමිදුන්ගේ දක්ෂිණ ශාඛා අංකුරය ලක්දිවට වැඩම කරවුයේ යැයිද සඳහන් වේ.

අනුලා දේවිය ඇතුළු පන්සියයක් කාන්තාවන් ලක්දිව මෙහෙණි සසුන අරඹමින් පැවිදි දිවියට එළඹීම ද උතුම් උඳුවප් පොහෝ දිනයේ දී සිදුවීම හේතුවෙන් උඳුවප් පොහෝ දිනය ශ්‍රී ලාංකිකයන්ට වැදගත් වේ.  

සිරිපා කරුණාව මාර්ග 4ක් ඔස්සේ

එමෙන්ම මෙවර ශ්‍රී පාද වන්දනා සමය ද අද (26) සිට මාර්ග 4ක් ඔස්සේ ආරම්භ වේ.

පැල්මඩුල්ල, ගල්පොත්තාවල රජමහා විහාරයේ තැන්පත්කල සධාතුක කරඬුව, සමන් දේව ප්‍රතිමාව හා දේවාභරණ ශ්‍රී පාද මළුවට වැඩම කරවීම ඊයේ(25) අලුයම සුභ මොහොතින් සිදු කෙරුණි.

එක් පෙරහැරක් හැටන් නල්ලතන්නිය ඔස්සේ හා තවත් පෙරහැරක් බලංගොඩ, බගවන්තලාව හරහා ශ්‍රී පාද මළුවට ළඟා වී ඇත.

එමෙන්ම අනෙක් පෙරහැර රත්නපුර, පලාබද්දල හරහාඅ හා කුරුවිට,එරත්න හරහා ශ්‍රී පාද මළුවට ළඟා වී තිබේ.

අද(26) අලුයම යෙදුන සුභ මොහොතින් ශ්‍රී පාද පද්මය දෝවනය කිරීමෙන් පසුව සධාතුක කරඬුව, සමන් දේව ප්‍රතිමාව සහ දේවාභරණ තැන්පත් කිරීම ශ්‍රී පාදස්ථානාධිපති පූජ්‍ය බෙන්ගමුවේ ධම්මදින්න හිමියන්ගේ අනුශාසකත්වයෙන් සිදුවිය.

Trending

Exit mobile version