Connect with us

පුවත්

උපන්දින සාදයට පැන ගිනිතැබීමේ සිද්ධියේ තවත් අයකු මරුට 

Published

on

වව්නියාව, තෝනික්කල් ප්‍රදේශයේ නිවසක උපන්දින සාදයක් පැවැත්වෙන අතරතුර එම නිවසට ගිනි තැබීමෙන් පිළිස්සුම් තුවාල ලබා සිටි පිරිමි පුද්ගලයෙකු මියගොස් තිබේ.

මෙසේ මියගොස් ඇත්ත‌ේ පසුගිය 23 වැනිදා අළුයම් කාලයේ සිදු වූ එම සිද්ධියෙන් මීට පෙර මියගිය කාන්තාවගේ ස්වාමිපුරුෂයාය.

වව්නියාව තොනික්කල් ප්‍රදේශයේ නිවසක උපන් දින සාදයක් පැවැත්වෙන අතරතුර නාදුනන පිරිසක් සිදු කළ ගිනි තැබීමකින් කාන්තාවක මියගොස් නවදෙනෙකු තුවාල ලැබීය.

තිස්හතර හැවිරිදි තුවාලකරු බරපතළ තුවාල ලබා යාපනය පුද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී ඊයේ (26) උදෑසන මියගොස් ඇති අතර ඔහු ඕමන්ත ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

ගින්නෙන් තුවාල ලැබූ තවත් කිහිපදෙනෙකු වව්නියාව රෝහලේ ප්‍රතිකාර ලබන බව වාර්තා වේ.

ගිනි තැබීම් සිදු කළ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සදහා වව්නියාව පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරගෙන යනු ලැබේ.

සබැඳි පුවත්
කඩු පොලු අරගෙන සාධයකට පැන ගිනිතියලා; තරුණියක් මරුට

පුවත්

ෆ්‍රැන්සිස් පාප්වහන්සේ ස්වර්ගස්ථ වෙයි

Published

on

By

අති උතුම් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්වහන්සේ ස්වර්ගස්ථ වී තිබේ.

88 හැවිරිදි වියේ පසුවූ පාප්වහන්සේ ස්වර්ගස්ථ වී ඇත්තේ, වතිකානයේ කාසා සැන්ටා මාර්තා හි පිහිටි උන්වහන්සේගේ නිවසේදීය.

ශ්වසන මාර්ගය ආශ්‍රිත රෝගී තත්ත්වයක් හේතුවෙන් මාසයකට වැඩි කාලයක් රෝහල්ගතව සිටි ෆැන්සිස් පාප්වහන්සේ ඉන් අනතුරුව සුවය ලබා ආපසු පැමිණියේය.

ඊයේ (20) දිනයේ වතිකානයේ ශාන්ත පීතර බැසිලිකාවේ පැවැති පාස්කු දේව මෙහෙයටත් උන්වහන්සේ එක්වුණි.

Continue Reading

පුවත්

නොරොච්චෝලේ නවතා තිබූ ජනන යන්ත්‍රය යළි ක්‍රියාත්මකයි

Published

on

By

අවුරුදු උත්සව සමයේ පැවති අඩු ඉල්ලුම හේතුවෙන් නොරොච්චෝලේ විදුලි බලාගාරයේ අක්‍රීය කර තිබූ ජනන යන්ත්‍රය අද (21) උදෑසන 11ට නැවත ක්‍රියාත්මක කළ බව ලංකා විදුලිබල මණ්ඩලය පවසයි.

වර්තමානයේ පවතින ඉහළ බල ඉල්ලුමට අනුගතව ඒකක තුනම ක්‍රියාත්මක වෙමින් පවතින බව වැඩිදුරටත් දැනුම් දී තිබේ.

ලංකා විදුලිබල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක ධම්මික විමලරත්න මහතා මේ බව දැනුම් දී ඇත.

සබැඳි පුවත්

Continue Reading

පුවත්

දළදා වන්දනාව පැවැත්වෙන කාල වේලාවේ වෙනසක්

Published

on

By

සිරි දළදා වන්දනාව පැවැත්වෙන කාල වේලාව සංශෝධනය කර ඇති බව ශ්‍රී දළදා මාලිගාව මහජනතාව වෙත නිවේදනය ක‍රයි.

එම කාලවේලාව පැයකින් දීර්ඝ කර ඇති අතර සංශෝධිත නව කාල සීමාව වන්නේ පෙරවරු 11.00 සිට සවස 5.30 දක්වා ය.

දිවයිනේ නන්දෙසින් මහනුවරට පැමිණෙන බැතිමතුන්ගේ සංඛ්‍යාව වැඩි වී තිබීම මෙම කාල දිගුවට හේතුවයි.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved