පුවත්

උප්පැන්න, විවාහ සහ මරණ ලේඛන සහතික පිටපත් නීති වෙනස් කරයි

Published

on

උප්පැන්න, විවාහ සහ මරණ ලේඛනවල සහතික පිටපත් මාස 06කට පසු අවලංගු වන බවට පැවැති රෙගුලාසි ඉවත් කර ඇති බව රෙජිස්ට්‍රාර් ජනරාල්    දෙපාර්තමේන්තුව පවසයි.

ඒ අනුව මින් පසුව සහතික පිටපතක් නිකුත් කළ පසු ඒවා අවලංගු නොවේ.

මීට පෙර සහතික කරන ලද ලේඛන වලංගු වූයේ  මාස 6ක කාලයක් සඳහාය.

නිකුත් කරන ලද ඕනෑම සහතිකයක සහතික පිටපතක් පවතී නම් නව පිටපතක් ලබාගැනීමේ අවශ්‍යතාවක් මතුනොවන බවද එම දෙපාර්තමේන්තුව දැනුම්දෙයි.

මේ සම්බන්ධයෙන් අධ්‍යාපන, විදේශ යන අමාත්‍යංශවලටත් ආගමන විගමන හා පුද්ගලයින් ලියාපදිංචි කිරිමේ දෙපාර්තමේන්තුවටත් රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුව විසින් දැනුම් දී තිබේ.

කෙසේවෙතත් යම් අවස්ථාවක දී උප්පැන්න විවාහ සහ මරණ ලේඛනයක සංශෝධනයක් සිදුකර ඇත්නම් පමණක් නව පිටපතක් ඉදිරිපත් කිරීම සිදුකළ යුතු බවද රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුව දැනුම්දෙයි.

Trending

Exit mobile version