Connect with us

පුවත්

උපාය දූතයෙක් දාලා බිත්තර සංගමේ සභාපතිට නඩු දාලා!

Published

on

උපාය දූතයෙක් දාලා බිත්තර සංගමේ සභාපතිට නඩු දාලා!

පාලන මිල ඉක්මවා බිත්තර අලෙවි කිරීම හේතුවෙන් සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයන්ගේ සංගමයේ සභාපති ආර්. එම් සරත් රත්නායක මහතාට නඩු පැවරීමට පාරිභෝගික කටයුතු අධිකාරිය පියවර ගෙන ඇත.

සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයන්ගේ සංගමයේ සභාපතිවරයා කුරුණෑගල කොබෙයිගනේ ප්‍රදේශයේ බිත්තර අලෙවිසැලක් පවත්වාගෙන යන අතර ඉන් සුදු බිත්තරයක් රුපියල් 45කට අලෙවි කිරීම හේතුවෙන් ඔහුට මෙසේ නඩු පවරා තිබේ.

පාරිභෝගික කටයුතු අධිකාරිය විසින් නිකුත් කර ඇති ගැසට් නිවේදනයට අනුව සුදු බිත්තරයක උපරිම සිල්ලර මිල රුපියල් 44ක් සහ රතු බිත්තරයක උපරිම සිල්ලර මිල රුපියල් 46ක් වේ. 

කෙසේ වෙතත් කුරුණෑගල ප්‍රදේශයේ ඊයේ (01) දින පාරිභෝගික කටයුතු අධිකාරියේ නිලධාරීන් විසින් උපාය දූතයකු යොදවා මෙම වැටලීම සිදු කර තිබේ.

එම අධිකාරියේ නිලධාරියකු හරහා රුපියල් දහසක මුදලකට අදාළ වෙළෙඳසළින් බිත්තර 20ක් මිලදී ගෙන ඇති අතර එහිදී බිත්තරයක් රුපියල් 45කට අලෙවි කර තිබේ. 

මෙලෙස පාලන මිල ඉක්මවා බිත්තර අලෙවි කිරීම හේතුවෙන් සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයන්ගේ සංගමයේ සභාපති ආර්. එම් සරත් රත්නායක මහතාට එරෙහිව නිකවැරටිය අධිකරණයේ ලබන 14 වැනිදා නඩු පවරන බව අදාළ වැටලීම සිදු කළ නිලධාරීහු පවසති.

පුවත්

ෆ්‍රැන්සිස් පාප්වහන්සේ ස්වර්ගස්ථ වෙයි

Published

on

By

අති උතුම් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්වහන්සේ ස්වර්ගස්ථ වී තිබේ.

88 හැවිරිදි වියේ පසුවූ පාප්වහන්සේ ස්වර්ගස්ථ වී ඇත්තේ, වතිකානයේ කාසා සැන්ටා මාර්තා හි පිහිටි උන්වහන්සේගේ නිවසේදීය.

ශ්වසන මාර්ගය ආශ්‍රිත රෝගී තත්ත්වයක් හේතුවෙන් මාසයකට වැඩි කාලයක් රෝහල්ගතව සිටි ෆැන්සිස් පාප්වහන්සේ ඉන් අනතුරුව සුවය ලබා ආපසු පැමිණියේය.

ඊයේ (20) දිනයේ වතිකානයේ ශාන්ත පීතර බැසිලිකාවේ පැවැති පාස්කු දේව මෙහෙයටත් උන්වහන්සේ එක්වුණි.

Continue Reading

පුවත්

නොරොච්චෝලේ නවතා තිබූ ජනන යන්ත්‍රය යළි ක්‍රියාත්මකයි

Published

on

By

අවුරුදු උත්සව සමයේ පැවති අඩු ඉල්ලුම හේතුවෙන් නොරොච්චෝලේ විදුලි බලාගාරයේ අක්‍රීය කර තිබූ ජනන යන්ත්‍රය අද (21) උදෑසන 11ට නැවත ක්‍රියාත්මක කළ බව ලංකා විදුලිබල මණ්ඩලය පවසයි.

වර්තමානයේ පවතින ඉහළ බල ඉල්ලුමට අනුගතව ඒකක තුනම ක්‍රියාත්මක වෙමින් පවතින බව වැඩිදුරටත් දැනුම් දී තිබේ.

ලංකා විදුලිබල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක ධම්මික විමලරත්න මහතා මේ බව දැනුම් දී ඇත.

සබැඳි පුවත්

Continue Reading

පුවත්

දළදා වන්දනාව පැවැත්වෙන කාල වේලාවේ වෙනසක්

Published

on

By

සිරි දළදා වන්දනාව පැවැත්වෙන කාල වේලාව සංශෝධනය කර ඇති බව ශ්‍රී දළදා මාලිගාව මහජනතාව වෙත නිවේදනය ක‍රයි.

එම කාලවේලාව පැයකින් දීර්ඝ කර ඇති අතර සංශෝධිත නව කාල සීමාව වන්නේ පෙරවරු 11.00 සිට සවස 5.30 දක්වා ය.

දිවයිනේ නන්දෙසින් මහනුවරට පැමිණෙන බැතිමතුන්ගේ සංඛ්‍යාව වැඩි වී තිබීම මෙම කාල දිගුවට හේතුවයි.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved