ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සහ ජාතික ආරක්ෂාව පිළිබඳ උපදේශක සාගල රත්නායක මහතා විසින් මෙරට භූමියේ සහ සාගරයේ ආරක්ෂාව පිළිබඳ උපාය මාර්ගික සැලැස්මක් සැකසීම සඳහා ජනපති පත් කළ කමිටුවේ පළමු වාර්තාව මාස හයක් ඇතුළත ලබා දෙන ලෙස උපදෙස් දී ඇතැයි වාර්තා වේ.
ජනාධිපති ලේකම් කාර්යාලයේදී රැස්වූ පළමු ආරක්ෂක සමලෝචන කමිටු රැස්වීමේදී සාගල රත්නායක මෙම උපදෙස් ලබාදී ඇත.
රටේ අනාගත ආරක්ෂාව තහවුරු කිරීමට ගත යුතු ක්‍රියාමාර්ග නිර්දේශ කිරීමේ වගකීම ද පවරමින් කැබිනට් අනුමැතියට යටත්ව ජනාධිපතිවරයා විසින් ඉහත කමිටුව පත් කර ඇත.
විශ්‍රාමික මේජර් ජනරාල් චන්න ගුණතිලක මහතා ගේ සභාපතිත්වයෙන් මෙම කමිටුව පත් කර ඇති අතර විශ්‍රාමික ත්‍රිවිධ හමුදා ප්‍රධානීන් මෙන්ම විදේශ අමාත්‍යාංශයේ හා මුදල් හා ආර්ථික ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශයේ උපදේශක ද ඇතුළුව සාමාජිකයන් හය දෙනෙකුගෙන් කමිටුව සමන්විතය.
රටේ ආරක්ෂාව සහ සාගරයේ ආරක්ෂාව සම්බන්ධයෙන් කළ යුතු ක්‍රියාමාර්ග සහ බුද්ධි අංශ දියුණු කිරීම ආදී කරුණු ගැන උපාය මාර්ගික සැලැස්මක් 2030 ඉලක්ක කරමින් සැකසීම ද ජනාධිපතිවරයා විසින් මෙම කමිටුව වෙත භාර දී තිබේ.