පුවත්

සන්නස්ගලට ඇප (Update)

Published

on

රුපියල් ලක්ෂ 10ක මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගැනුණු හිටපු ජනප්‍රිය උපකාරක පන්ති ගුරුවරයෙකු වන උපුල් ශාන්ත සන්නස්ගල මහතාව ඇප මත මුදාහැර තිබේ.

කඳාන පොලීසිය විසින් ඒ මහතාව අත්අඩංගුවට ගෙන වැලිසර අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම නියෝගය ලබාදී තිබේ.

Last Update 25/04/2022 – 2:25pm

උපුල් ශාන්ත සන්නස්ගල අත්අඩංගුවට

චිත්‍රපටයක් නිෂ්පාදනය කිරීමට බව පවසා පුද්ගලයකුගෙන් රුපියල් ලක්ෂ 10 ක් ලබාගෙන නියමිත දිනට ලබානොදී විශ්වාසය කඩකිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ප්‍රවීණ උසස් පෙළ සිංහල දේශක උපුල් ශාන්ත සන්නස්ගල මහතා අද (25) කදාන පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය.

කදාන ප්‍රදේශයේ පුද්ගලයකුගෙන් රුපියල් ලක්ෂ 10 ක මුදලක් ලබාගෙන මාසයක් ඇතුළත ලබාදෙන බවට පොරොන්දුවී ඇති බව පොලිසිය පවසයි.

කෙසේ වෙතත් සැකකරු එම මුදල නියමිත දිනට ලබාදීමට අපහොසත්වී ඇති අතර විශ්වාසය කඩ කිරීම හේතුවෙන් මුදල් ලබාදුන් පුද්ගලයා කදාන පොලිසියට පැමිණිලි කර තිබේ.

ඒ අනුව ක්‍රියාත්මක වූ කදාන පොලිසියේ නිලධාරීන් විසින් වහාම සැකකරු අත්අඩංගුවට ගනු ලැබීය.

අත්අඩංගුවට ගත් සැකකරු අද (25) වැලිසර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.

කැලණිය දිසාව බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ඒ.ජේ.වයි.බී. ක්‍රිෂාන්ත මහතාගේ උපදෙස් පරිදි කදාන පොලිසියේ ප්‍රධාන පොලිස් පරීක්ෂක ගාමිණී හේවාවිතාරණ මහතාගේ ප්‍රධානත්වයෙන් වැඩිදුර විමර්ශන සිදුකෙරේ.

(ලංකාදීප)

Trending

Exit mobile version