උමාඔය ව්‍යාපෘති කාර්යාලයේ සේවකයන් ප්‍රවාහනය කළ බස් රථයක් අද (18) උදෑසන ඇල්ල – වැල්ලවාය මාර්ගයේ කරදගොල්ල උමා ඔය ව්‍යාපෘති කාර්යාලට නුදුරු ස්ථානයකදී ප්‍රපාතකයකට පෙරළී සිදුවූ අනතුරෙන් බස් රථයේ රියදුරු ජීවිතක්ෂයට පත්ව තිබේ.
එහි ගමන්ගත් තවත් 6දෙනෙකු ද තුවාල ලබා වැල්ලවාය රෝහලට ඇතුළත් කර තිබේ.
අද උදෑසන 7.15ට පමණ බස් රථය ගමන් ආරම්භ කළ බවත් වේගයෙන් පැමිණි බස්රථයේ තිරිංග අක්‍රීය වීම හේතුවෙන් අනතුර සිදුවු බව එහි ගමන්ගත් මගියෙක් මාධ්‍යට පවසා ඇත.
අනතුර පිළිබඳව ඔහු වැඩිදුරටත් මෙසේද පවසා කියා සිටී.
“මාත් බස් එකේ ආවේ. මාමා බස් එක ගද්දි එකපාරටම බස් එකේ බ්‍රේක් නැතිවුණා. මාමා පුළුවන් තරම් බැලුවා ඉතින් අපිව බේරගන්න. අපි කට්ටියම කිව්වා ජියර් එක මාරු කරගන්න කියලා. ඒක කරගන්න බෑ ආපු වේගයට. මාමා එකපාරටම කන්ද පැත්තට අල්ලලා අනිත් පැත්තට ගද්දි අපි ඔක්කෝම එක්ක පෙරළුණා. බස් එකේ 10ක් විතර හිටියා. මටයි තව කෙනෙක්ටයි විතරයි ටිකක් පණ තිබුණේ. කට්ටියට එන්න කියලා වෙන වාහනයක දාලා හොස්පිටල් එකට ගෙනාවා අනිත් අයව. ඊට පස්සේ තමා දැනගත්තේ මාමා නැතිවුණා කියලා.”
ජායාරූපය – Accident 1st