පුවත්

උසස් පෙළ ඇගැයීම් අවුලක!

Published

on

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ඇගයීම් කටයුතු ප්‍රමාද කිරීම හේතුවෙන් විභාග අපේක්ෂකයින්ට දැඩි අසාධාරණයක් සිදුවන බව ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසෆ් ස්ටාලින් මහතා කියයි.

ඇගයීම් කටයුතු සඳහා අධ්‍යාපන අමාත්‍යවරයා යෝජනා කළ ගෙවීම්වලින් රුපියල් දහසක් අඩු කිරීමට මුදල් අමාත්‍යාංශය තීරණය කර ඇති බවද ඒ මහතා හෙළිකර තිබේ.

මේ අතර, උසස් පෙළ විභාගය අවසන් වී සති 02ක කාලයක් ගතවුවද ඇගයීම් කටයුතු ආරම්භ කිරීමට නොහැකි වී ඇති බව ලංකා ගුරු සේවා සංගමයේ ප්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ මහතා පවසයි.

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ඇගයීම් කටයුතු සඳහා සම්බන්ධ වන පරීක්ෂකවරුන් වෙත රුපියල් 2,000ක දෛනික දීමනාවක් ගෙවීම සඳහා අනුමැතිය ලැබී තිබේ.

එසේම, උසස් පෙළ උත්තර පත්‍ර ඇගයීම් සඳහා මාර්ගගත ක්‍රමය ඔස්සේ පරීක්ෂකවරුන් බඳවා ගැනීම මාර්තු මස 8 වැනිදා දක්වා සිදුකරන බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

Trending

Exit mobile version