පුවත්

උසස් පෙළ කාල සටහනේ වෙනසක්

Published

on

2023 අ.පො.ස. උසස් පෙළ කාලසටහනට කොරියානු භාෂාව විෂයයක් ලෙස ඇතුළත් කිරීම හේතුවෙන් සුළු වෙනස්කිරීම් කිහිපයක් සිදුවන බව විභාග දෙපාර්තමේන්තුව විසින් නිවේදනය කර ඇත.

අයදුම්කරුවන්ට ලබා දී ඇති ප්‍රවේශ පත්‍රයේ සංශෝධිත කාලසටහන සඳහන් කර ඇති බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා කියා සිටී.

ඇතැම් වෙබ් අඩවිවල වැරදි කාලසටහන් ප්‍රදර්ශනය කළ හැකි බව පෙන්වා දුන් ඔහු, පෙර පැවති විභාග කාලසටහන භාවිත නොකරන ලෙස ද සියලුම විභාග අයදුම්කරුවන්ට උපදෙස් ලබා දී තිබේ.

සංශෝධිත විභාග කාලසටහන් පිළිබඳව මාධ්‍ය වෙත ඔහු මෙසේ අදහස් දක්වා ඇත.

“ඔබේ ප්‍රවේශපත්‍රය ගත්තහම එකේ වෙන්කර ගන්න කොටසක් තියෙනවා. ඒ කොටසේ ඔබ ඉල්ලුම් කළ විෂයන්වලට අදාළ දිනය විෂය අංකය, මොන පත්‍රය ද, මාධ්‍ය, ඒ විෂය පැවැත්වෙන වේලාව සඳහන් කර තිබෙනවා. එය ප්‍රමාණවත්. ඔබ වෙන කිසිදු දෙයක් සොයන්නට අවශ්‍ය නෑ කාලසටහන පිළිබඳව…”

2023 අ.පො.ස. උසස් පෙළ විභාගය හෙට (04) සිට ආරම්භ වීමට නියමිත අතර එය ජනවාරි 31 දක්වා පැවැත්වීමට නියමිතය.

Trending

Exit mobile version