පුවත්

2022 උ/පෙළ ප්‍රතිඵල නිකුත්වෙයි (Update)

Published

on

වසර 2022 අ.පො.ස උ/පෙළ විභාගයේ ප්‍රතිඵල අද (04) නිකුත් කර තිබේ.

www.doenets.lk/examresults වෙත පිවිසීමෙන් ප්‍රතිඵල ලබා ගත හැකි වේ.

——————————————————-

(පෙර පුවත :  පෙ.ව.08: 2023 සැප්තැම්බර් 04)

උසස් පෙළ ප්‍රතිඵළ අද නිකුත් වෙයි

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල අද (04) නිකුත් කරන බව ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ අභ්‍යන්තර ආරංචි මාර්ගවලින් වාර්තා වේ.

මේ වන විට පිළිතුරු පත්‍ර ඇගැයීමේ කටයුතු සියල්ලක්ම අවසන් කර ඇති බවත්, මේවන විට සිදුවන්නේ එහි දෙවැනි වතාවට පරීක්ෂා කිරීමේ කටයුතු බවද ඒම ආරංචි මාර්ග වාර්තා කරයි.

මෙවර උසස් පෙළ විභාග සඳහා පාසල් අයදුම්කරුවෝ 278,196 ක් ද, පෞද්ගලික අයදුම්කරුවෝ 53,513 ක් ද පෙනී සිටියහ.

උසස් පෙළ පිළිතුරු පත්‍ර ඇගයීමේ කටයුතු ගුරුවරුන් 20,000කින් සහ විශ්වවිද්‍යාල ආචාර්යවරුන් 1,100කින් සමන්විත කාර්ය මණ්ඩලයකින් සිදු කෙරිණි.

පසුගිය වර්ෂයට නියමිතව තිබූ මෙම විභාගය මෙම වර්ෂයේ ජනවාරි 23 වැනිදා සිට පෙබරවාරි 17 වැනිදා දක්වා විභාග මධ්‍යස්ථාන 2,200කදී පැවැත්විණි.

Trending

Exit mobile version