පුවත්

උසස් පෙළ විභාගය අද ඇරඹෙයි

Published

on

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය අද (25) සිට ඇරඹෙයි.

මෙවර අයැදුම්කරුවන් තුන් ලක්ෂ 33,185 ක් විභාගයට පෙනී සිටිති.

ඒ අතරට පාසල් අයැදුම්කරුවන් දෙලක්ෂ 53 390 ක් සහ පෞද්ගලික අයදුම්කරුවන්, 79 795 ක්, ඇතුළත් වෙයි.

දිවයින පුරා ස්ථාපිත විභාග මධ්‍යස්ථාන සංඛ්‍යාව, 2312  කි.

මේ අතර, අධික වැසි සමග යම් ආපදා තත්ත්වයක් ඇති වුවහොත් 117 හෝ 1911 හදිසි ඇමතුම් අංක මගින් අවශ්‍ය සහය ලබා ගන්නැයි, විභාග දෙපාර්තමේන්තුව අපේක්ෂකයින්ට දැනුම් දෙයි.

එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, විභාගය වෙනුවෙන් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය, ත්‍රිවිධ හමුදාව ඇතුළු සියලු අංශ සමග ඒකාබද්ධ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක බවයි.

Trending

Exit mobile version