පුවත්

උසස් පෙළ හමාර කළ සිසුන්ට පොලී රහිත ණයදීම හෙට සිට ඇරඹෙයි

Published

on

වසර 2019,20 හා 21 දී උසස් පෙළ හැදෑරු සිසුන් 5,000 කට පෞද්ගලික විශ්වවිද්‍යාලවල අධ්‍යාපනය හැදැරීමට පොලී රහිත ණය ලබාදීමේ ව්‍යාපෘතිය සඳහා අයදුම් කිරීම හෙට (04) සිට ආරම්භ කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා කියයි.

රාජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ අදාළ ණය මුදල ලබාගන්නා දරුවන් රැකියා අභිමුඛ පාඨමාලා හැදෑරිය යුතු බවය.

වැඩිදුරටත් අදහස් දැක්වු රාජ්‍ය අමාත්‍යවරයා මෙසේද කියා සිටී.

“2019, 2020, 2021 සඳහා වූ පෞද්ගලික විශ්වවිද්‍යාලවල අධ්‍යාපනය ලැබීමට දරුවන් 5,000කට පොලී රහිත ණය ලබාදීමේ ව්‍යාපෘතිය අනුමතයි. ඒක මේ වනවිට අධ්‍යාපන අමාත්‍යාංශය විසින් ප්‍රසිද්ධ කිරීමට නියමිතයි. ජූලි 4 සිට අගෝස්තු 7 දක්වා අයදුම් කරන්න අයදුම්කරුවන්ට පුළුවන්කම තියෙනවා. වසර තුනක උසස් පෙළ හැදෑරු දරුවන්ට මේ සඳහා අයදුම් කරන්න අවස්ථාව සැලසෙනවා. රටේ උසස් අධ්‍යාපන අවශ්‍යතාවය නැත්නම් අධ්‍යාපන පිපාසය සඳහා රජය සිදුකරන සුවිශේෂි ක්‍රියාදාමයක්. මේ සඳහා වන සම්පූර්ණ පොලිය රජය විසින් ගෙවනු ලබනවා දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන්. එතනදි ප්‍රමුඛතාවය දෙන්නේ රැකියා අභිමුඛ පාඨමාලා සඳහා. අපේ අත්දැකීම් අනුව මීට පෙරත් මෙවැනි දෑ ලබාදුන්නත් දරුවන්ට 90%කට වැඩි ප්‍රමාණයක් විශ්වවිද්‍යාලයෙන් පිටවු වහාම රැකියා සඳහා ඉල්ලුමක් ඇති පාඨමාලා හදාරා තියෙනවා. අනිත් පැත්තෙන් මේ සඳහා තරගයක් ඇති වුවහොත් දරුවන්ගේ Z-Score එක අනුව තීරණය කරනවා. ඒ අනුව විනිවිඳභාවයෙන් යුතුව පෞද්ගලික විශ්වවිද්‍යාලවලට යන දක්ෂ, ඒ වගේම සුවිශේෂි පාඨමාලා හදාරන්න සුදානම් අයට තමා මේක ලැබෙන්නේ…”

Trending

Exit mobile version