පුවත්

උසාවියේ නඩු බඩු කාමරයේ තිබ්බ KG කිලෝ 50ක් චුත වෙලා

Published

on

යාපනය, මල්ලාකම් මහේස්ත්‍රාත් අධිකරණ භාරයේ නඩු භාණ්ඩ ලෙස තිබූ කේරල ගංජා කිලෝග්‍රෑම් 50ක් අස්ථානගත වී ඇති බව තෙලිප්පලේ පොලීසිය පවසයි.

මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු භාණ්ඩ භාරගන්නා රෙජිස්ට්‍රාර්වරයා විසින් මේ සම්බන්ධයෙන් තෙලිප්පලේ පොලිසියට පැමිණිලි කර ඇත.

මහේස්ත්‍රාත් අධිකරණයේ ඉහළ මාලයේ මෙම නඩු භාණ්ඩ කාමරය පිහිටා තිබෙන අතර” පිටස්තර අයකු නඩු භාණ්ඩ කාමරයට ඇතුළු වී මේවා සොරා ගෙන යෑමට ඇති ඉඩකඩ බෙහෙවින්ම අඩු බව පොලීසිය පෙන්වා දෙයි.

Trending

Exit mobile version