පුවත්

උසාවි නොආ විමල්ට වරෙන්තු

Published

on

පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කරන ලෙස නියෝග කරමින් කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය අද (19) වරෙන්තු නිකුත් කළේය.

ඒ 2016 වසරේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් සෙයිද් අල් හුසේන් කුමරු ශ්‍රී ලංකාවේ සංචාරය කළ අවස්ථාවේ දී කොළඹ පිහිටි එක්සත් ජාතීන්ගේ කාර්යාලය ඉදිරිපිට මාර්ග අවහිර කරමින් උද්ඝෝෂණය කිරීම තුළින් මහජන පීඩාවක් සිදු කළේ යැයි ඔහුට විරුද්ධව පවරා තිබූ නඩුව අද (19) කැඳවූ අවස්ථාවේ අධිකරණය හමුවේදී වීරවංශ මහතා පෙනී නොසිටීම හේතුවෙනි.

එම නඩුව සැප්තැම්බර් මස 11දා දක්වා කල්තැබීමට කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය විසින් නියම කෙරිණි.

Trending

Exit mobile version