ඉදිරියේදී පැවැත්වීමට නියමිත උසස් පෙළ විභාග කල්දැමීමේ යෝජනාවක් සම්බන්ධයෙන් විභාග කොමසාරිස් ජනරාල්වරයා නිවේදනයක් නිකුත් කරනු ඇති බව අධ්‍යාපන ඇමැති සුසිල් ප්‍රේමජයන්ත මහතා අද (19) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කර ඇත.
ඇමතිවරයා මෙසේ පවසා ඇත්තේ ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිණී කුමාරි කවිරත්න නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.
“නොවැම්බර් 21 හෝ 27 උසස් පෙළ නොතියා පාසල් තෙවන වාරය ඔබතුමාට පුළුවන්නම් 2023.10.30 සිට 2023.12.22 කට සති 8කුත් 2024 .01.01 සිට 2024.01.19 සති තුනකුත් විදිහට අරගෙන පාසල් වාරය ඉවර කරන්න පුළුවන් වෙනවා. 1 වසරේ සිට 12 වසරේ ඉන්න දරුවන්ට. උසස් පෙළ විභාගය ජනවාරි 22 ආරම්භ කරොත් පෙබරවාරි 17 අවසන් කරන්න පුළුවන්. එතකොට පෙබරවාරි 19 සිට 2024 පළමු වාරය ආරම්භ කරන්න පුළුවන්. උසස් පෙළ ලබන ජනවාරි ලියන ළමයින්ගේ මාස තුනකින් දුන්නොත් මැයි ප්‍රතිඵල දෙන්න පුළුවන්. එහෙම දුන්නොත් ඊළඟ අවුරුද්දේ ඔක්තෝම්බර් මාසයේ විභාගය තියන්න පුළුවන්. එහෙම වුණොත් 2025 ඉඳන් ඔය විභාග කාලසටහන යාවත්කාලීන කරන්න පුළුවන්,” යැයි කවිරත්න මන්ත්‍රීවරිය පවසා තිබුණි.
මෙම යෝජනාව විභාග කොමසාරිස් ජනරාල්වරයා වෙත යොමුකර ඇති බවත්, ඉදිරියේදී ඒ පිළිබඳ නිවේදනයක් නිකුත් කරනු ඇති බවත්, ඇමැතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.