පුවත්

උ/ පෙළ ප්‍රථිපල මැයි – ජුනි ඇතුළත ලබාදෙනවා – ඇමති

Published

on

2023 වර්ෂයේ සඳහා වූ අ.පො.ස. උසස් පෙළ විභාග ප්‍රථිඵල මේ වසරේ සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වීමට පෙර මැයි – ජුනි මාස ඇතුළත ලබාදීමට කටයුතු යොදන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත මහතා පවසයි.
2024 වසරේ අපොස උසස් පෙළ විභාගයද 2025ට පෙර පවත්වා සියලු විභාග යථාවත් කරන බවත්, 2025 නව පාසැල් වාරය සාමාන්‍ය පරිදි ජනවාරි මුල සිට ආරම්භ කිරීමට සියලු පියවර ගන්නා බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

ඔහු මේ බව පවසා තිබුණේ අද (14) දිනයේදී කොළඹ ශාන්ත අන්තෝනි බාලිකා විද්‍යාලයේ පැවති පාසැල් පෙළපොත් හා නිල ඇඳුම් රෙදි බෙදා දීමේ ජාතික වැඩසටහනට එක්වෙමිනි.

Trending

Exit mobile version