Connect with us

පුවත්

උ/පෙළ ප්‍රායෝගික පරීක්‍ෂණ 27දා සිට

Published

on

2023 අපොස උසස් පෙළ විභාගයේ ලිඛිත පරීක්‍ෂණයට පෙනී සිටි අයදුම්කරුවන්ට, සෞන්දර්ය සහ තාක්‍ෂණවේදය විෂයන්වලට අදාල ප්‍රායෝගික පරීක්‍ෂණ මේ මස 27 වැනිදා සිට ජූලි මස 31 වැනිදා දක්වා පැවැත්වෙන බව විභාග දෙපාර්තමේන්තුව දන්වා සිටියි.

ඒ අනුව සෞන්දර්ය විෂයයන් වන දේශීය නැටුම්, භරත නැටුම් සහ පෙරදිග සංගීතය සඳහා ප්‍රායෝගික පරීක්‍ෂණ මේ මස 27දා – ජූලි මස 06දා දක්වා පැවැත්වේ.

එමෙන්ම ඉංජිනේරු තාක්‍ෂණවේදයට අදාල ප්‍රායෝගික පරීක්‍ෂණ ජූලි 12දා – ජූලි 21දා දක්වා ද, ජෛව පද්ධති තාක්‍ෂණවේදය ප්‍රායෝගික පරීක්‍ෂණ ජූලි 29දා – ජූලි 31දා දක්වා ද, පැවැත්වෙන බව විභාග දෙපාර්තමේන්තුව වැඩි දුරටත් සඳහන් කර ඇත.

පුවත්

කොළඹ සිට ඉන්දියාවට ගිය නැවක පිපිරීමක්; 5කට තුවාලයි; 4ක් අතුරුදන්

Published

on

By

කොළඹ සිට ඉන්දියාවේ නවා ෂෙවා වරාය දක්වා ගමන් කරමින් තිබූ නෞකාවක පිපිරීමක් සිදුව තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, සිංගප්පූරු ධජය සහිත බහාලුම් නෞකාවක් එලෙස පිපිරීමට ලක්ව ඇති බවයි.

අනතුරෙන් කාර්ය මණ්ඩල සාමාජිකයින් පස් දෙනෙකු තුවාල ලබා ඇතැයි වාර්තා වේ.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, තවත් හතර දෙනෙකු අතුරුදන්ව ඇති බවයි.

අතුරුදන්වූවන් අතරට තායිවාන ජාතිකයින් දෙදෙනෙකු, ඉන්දුනීසියානු ජාතිකයෙක් හා මියන්මාර ජාතිකයෙක් ඇතුළත් බව පැවසේ.

අතුරුදන්වූවන් සොයා මේවන විට මෙහෙයුම් ක්‍රියාත්මක කර තිබේ.

නෞකා කාර්ය මණ්ඩලයේ 18 දෙනෙකු මේ වන විට බේරාගෙන ඇති බවද පැවසේ.

නෞකාව පසුගිය 06 වැනිදා කොළඹ වරායෙන් පිටත්ව ඇතැයි, විදෙස් මාධ්‍ය වාර්තාවල සඳහන්.

ගින්න මැඩපැවැත්වීමට ඉන්දීය වෙරළාරක්ෂක බලකාය විසින් මෙහෙයුම් ක්‍රියාත්මකයි.

Continue Reading

පුවත්

පාරිභෝගික අධිකාරියෙන් පූජා නගරයේ විශේෂ මෙහෙයුමක්

Published

on

By

පොසොන් සමය නිමිති කොටගෙන අනුරාධපුරයට පැමිණෙන බැතිමතුන්ට වෙළෙඳපොළේදී සිදුවන අසාධාරණ වැළැක්වීම සඳහා විශේෂ වැටලීම්, විමර්ශන සහ දැනුවත් කිරීමේ වැඩසටහන් රැසක් මේ වනවිට ක්‍රියාත්මක කර ඇති බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසයි.

පසුගිය සිකුරාදා දින සිට මෙම වැඩසටහන ක්‍රියාත්මකමක බව එම අධිකාරිය පවසයි.

එම වැඩසටහන මගින් මේ වනවිට වැටලීම් 37කට වැඩි ප්‍රමාණයක් සිදුකර ඇති බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සඳහන් කරයි.

මේ අතර මෙම වැඩසටහනට සමගාමීව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් අනුරාධපුර ප්‍රදේශයන්හි වෙළෙඳ ප්‍රජාවද දැනුවත් කිරීමද සිදුකර ඇත.

ඒ සඳහා විශේෂ කණ්ඩායම් ද යොදවා තිබේ.

මේ අතර වෙළෙඳපොළේ සිදුවන අසාධාරණයන් සම්බන්ධව ලැබෙන පැමිණිලි සඳහා අවශ්‍ය ක්ෂණික මැදිහත්වීම සිදුකිරීම වෙනුවෙන් ද නිලධාරීන් යොදවා ඇති බව වාර්තා වෙයි.

මෙම වැඩසටහන‍ෙපොසොන් කාල සීමාව අවසන් වෙන තෙක් ක්‍රියාත්මක කරනු ලබ බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය වැඩිදුරටත් පවසයි.

Continue Reading

පුවත්

බන්ධනාගාර දෙපාර්තමේන්තුවට වැඩබලන අතිරේක ලේකම්වරයෙක්

Published

on

By

බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ වැඩබැලීම සඳහා අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරයෙක් පත් කර තිබේ.

එලෙස පත් කර ඇත්තේ, දැනට අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශයේ බන්ධනාගාර කටයුතු අංශයේ අතිරේක ලේකම්වරයෙක් ලෙස කටයුතු කර නිශාන් ධනසිංහ මහතාය.

ජනාධිපති පොදු සමාව අනීතිකව භාවිත කරමින් සිරකරුවෙකුට නිදහස ලබාදුන් බවට වන චෝදනාවට අදාළව විමර්ශන අපක්ෂපාතිව සිදුකිරීමේ අරමුණින් බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙනිය මහතා අනිවාර්ය නිවාඩු යැවීමට කැබිනට් මණ්ඩලය තීරණය කළේය. 

සබැඳි පුවත්:

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved