පුවත්

උ / පෙළ යළි පවත්වන දිනය ගැන තීන්දුව 29දාට පසුව

Published

on

පවතින අධික වැසි හේතුවෙන් තාවකාලිකව අත්හිටුවා තිබෙන අ.පො.ස උසස් පෙළ විභාගය යළි පවත්වන දිනය පිළිබඳ තීරණයක් එළැඹෙන 29 වැනිදායින් පසුව ගැනීමට බලාපොරොත්තු වන බව ආරක්ෂක ලේකම්, එයාර් වයිස් මාර්ෂල් (විශ්‍රාමික) සම්පත් තුයියකොන්තා මහතා පැවසීය.

පවතින කාලගුණ තත්ත්වය පිළිබඳව අද (27) පස්වරුවේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ඔහු මේ බව පැවසීය.

“උසස්පෙළ විභාගය දැනට තිබෙන කාලගුණ තත්ත්වය නිසා තාවකාලිකව නැවතිලා තියෙනවා. අපි බලාපොරොත්තු වෙනවා 29වැනිදායින් පසු කාලගුණ තත්ත්වයන් පිළිබඳ නැවත විශ්ලේෂණය කර, අවශ්‍යකරන සුදුසු වාතාවරණය සැකසුනු පසුව නැවත උසස්පෙළ විභාගය ආරම්භ කිරීමට. ඒ කාලවකවානු විභාග දෙපාර්තමේන්තුව විසින් යථා කාලයේදී නිකුත් කරනු,” ඇතැයි ඔහු කියා සිටියේය.පවතින අධික වැසි හේතුවෙන් මෙවර අ.පො.ස උසස් පෙළ විභාගය දින 3කට තාවකාලිකව අත්හිටුවීමට තීරණය කළ බව විභාග කොමසාරිස් ජනරාල් එච්.ජේ.එම්.සී. අමිත් ජයසුන්දර මහතා ඊයේ (26) පැවසීය.

Trending

Exit mobile version