පුවත්

උ/පෙළ සරසවි කඩඉම් ලකුණු නිකුත් කරයි 

Published

on

2022 උසස් පෙළ විභාග ප්‍රතිඵලවලට අනුව විශ්වවිද්‍යාල කඩඉම් ලකුණු අද (01) නිකුත් කර ඇති බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව පවසයි.

2022 උසස් පෙළ විභාග ප්‍රතිඵල පසුගිය සැප්තැම්බර් මස 04දා නිකුත් කෙරුණු අතර, අයදුම්කරුවන් 263,933ක් අතරින් 166,938ක් (63.3%)ක සිසුන් ප්‍රමාණයක් අවම විශ්වවිද්‍යාල සුදුසුකම් ලබා ගැනීමට එහිදී සමත් විය.

2022 උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල අනුව ඉතිහාසයේ පළමු වරට කෙටිම කලකින් කඩඉම් ලකුණු නිකුත් කෙරෙනුයේ මෙවර බව ද විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව වැඩිදුරටත් පවසයි.

Trending

Exit mobile version