පුවත්

ඌව පළාතට නව ආණ්ඩුකාරවරයෙක්

Published

on

ඌව පළාතේ නව ආණ්ඩුකාරවරයා ලෙස අනුර විධානගමගේ මහතා පත් කර තිබේ.

ඒ, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසිනි.

ඌව පළාත් ආණ්ඩුකාර ධුරයෙන් ඒ.ජේ.එම් මුසම්මිල් මහතා ඉල්ලා අස්වීමත් සමඟ එහි පුරප්පාඩුවක් ඇති විය.

ඒ සඳහා හිටපු ඌව පළාත් සභා අමාත්‍ය අනුර විධානගමගේ මහතා පත් කර ඇත.

එමෙන්ම ඔහු රාජ්‍ය අමාත්‍ය තේනුක විධානගමගේ මහතාගේ සහෝදරයා ද වේ.

ජනාධිපතිවරණයේ දී සමගි ජනබලවේගයේ ජනාධිපතිධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාට සහාය පළ කරමින් ඒ.ජේ.එම් මුසම්මිල් මහතා සිය ධුරයෙන් ඊයේ (05) ඉල්ලා අස්වීමට කටයුතු කළේය.

සබැඳි පුවත්

Trending

Exit mobile version