පුවත්

ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලය තාවකාලිව වසා දමයි

Published

on

සිසුන් දෙපිරිසක් අතර ඇතිවූ නොසන්සුන්තාවයක් නිසා ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලය තාවකාලිව වසා දැමීමට පාලනාධිකාරිය අද (18) කටයුතු කර තිබේ .

ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලයේ දෙවන හා තෙවන වසර සිසුන් පිරිසක් අතර මෙලෙස නොසන්සුන්තාවක් හට ගෙන තිබේ.

මේ වන විට විශ්වවිද්‍යාල පරිශ්‍රයෙන් සිසුන් ඉවත්වී ඇති අතර පොලිසිය විශ්ව විද්‍යාලය අභියස සිට ආරක්ෂාව සපයමින් සිටිති.  

පවතින නොසන්සුන්තාවය සමථයකට පත්වන තෙක් විශ්ව විද්‍යාලය තාවකාලිව වසාදැමීමට තිරණය කළ බව ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලයේ උප කුළපති ජයන්ත ලාල් රත්නසේකර මහතා පවසා සිටී.

Trending

Exit mobile version