පුවත්

එකට බීලා රහසඟ කපලා !

Published

on

මිතුරකු සමග අධික ලෙස මත්පැන් පානය කළ පුද්ගලයකු තියුණු ආයුධයකින් එම මිතුරාගේ ලිංගේන්ද්‍රය කපා තුවාල සිදු කිරීමේ පුවතක් බදුල්ල පළාත් මහ රෝහලෙන් වාර්තා වේ.

මෙලෙස රෝහල්ගත කර ඇත්තේ වියළුව තල්දෙන ප්‍රදේශයේ පදිංචි 55 පුද්ගලෙයකි.

රෝහල්ගත කළ අය පෙරේදා (30) රාත්‍රියේ තම මිතුරකු සමග අධික ලෙස මත්පැන් පානය කර ඇති අතර එහිදී මිතුරා අතෙහි තිබූ පිහියකින් මොහුගේ පුරුෂ ලිංගය කපා දමා ඇත.

මෙලෙස කැපුම් තුවාලයක් සහිතව සිටි මෙම පුද්ගලයා ඊයේ (31) මීගහකිවුල රෝහල වෙත ඇතුළත් කර ඇති අතර පසුව ඔහු බදුල්ල මහ රෝහල වෙත යවා ඇත.

තුවාල ලැබූ පුද්ගලයා බදුල්ල පළාත් මහ රෝහලේ ප්‍රතිකාර ලබන අතර ඔහුගේ තත්ත්වය බරපතළ නොවන බව රෝහල් ආරංචි මාර්ග පවසයි.

Trending

Exit mobile version