පුවත්

එකම දිනක මව-පියා, දුව-බෑණා ඇතුළු පවුල් 19ක් යටිනුවරදී විවාහවෙයි (වීඩියෝ)

Published

on

එකම පවුලේ මව-පියා, දුව-බෑණා ඇතුළු නීත්‍යානුකූල ලෙස විවාහ නොවී සිටි පවුල් 19කගේ විවාහ ලියාපදිංචිය එකම දිනයක සිදුකළ පුවතක් යටිනුවර ප්‍රදේශයෙන් වාර්තා වෙයි.

යටිනුවර ප්‍රාදේශීය ලේකම් කාර්යාලය විසින් මෙම විවාහය සංවිධානය කර ඇත්තේ නීත්‍යානුකූල ලෙස විවාහ නොවී සිටීම හේතුවෙන් එම පවුල්වල උපදින දරුවන් වෙත උප්පැන්න සහතික නිකුත් කිරීමේදී ඇතිවන ගැටලු, සේවක අර්ථසාධක අරමුදල් ලබාගැනීමේදී ඇතිවන ගැටලු අවම කරගැනීම සඳහාය.

එම අවස්ථාවේ සිදුකළ විවාහයන් සඳහා මහනුවර දිස්ත්‍රික් ලේකම්වරයා සහ යටිනුවර ප්‍රාදේශීය ලේකම්වරයා සාක්ෂි සඳහා අත්සන් කර ඇත.

(වීඩියෝ : අදදෙරණ)

Trending

Exit mobile version