පුවත්

එකම පවුලේ 3ක් එකම තැනකදී අවසන් ගමන් යයි!

Published

on

වැල්ලවාය – තණමල්විල මාර්ගයේ නුග යාය ප්‍රදේශයේ සිදු වූ රිය අනතුරකින් පුද්ගලයින් තිදෙනෙකු මියගොස් තිබේ.

කැබ් රථයක් හා ත්‍රිරෝද රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් ඊයේ (04) රාත්‍රී මෙම අනතුර සිදු වී ඇත.

ඉන් මිය ගොස් ඇත්තේ, ත්‍රිරෝද රථයේ ගමන් ගත් 44 හැවිරිදි තණමල්විල පොලීසියට අනියුක්ත පොලිස් සැරයන්වරයෙක්, 42 හැවිරිදි ඔහුගේ බිරිඳ සහ 70 හැවිරිදි ඔහුගේ පියායි.

අනතුරෙන් කුඩා දරුවෙකු තුවාල ලබා මොණරාගල දිස්ත්‍රික් රෝහලට ඇතුළත් කර තිබේ.

පොලීසිය සඳහන් කළේ, කැබ් රථයේ පැද වූ පුද්ගලයා බීමත්ව සිට ඇති අතර ඔහුට රියැදුරු බලපත්‍ර නොමැති බව අනාවරණ වී ඇති බවයි.

කැබ් රථයේ රියැදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් වැල්ලවාය පොලීසිය විමර්ශන පවත්වයි.

Trending

Exit mobile version