එක්සත් ජාතික පක්ෂයේ විශේෂ සම්මේලනය ලබන ඉරිදා (25) පස්වරු 02.00ට පිටකෝට්ටේ සිරිකොත දී පැවැත්වීමට නියමිතය.
එහි දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත් වීමේ යෝජනාවට අනුමැති ලබා ගැනීමට නියමිත බවට තොරතුරු වාර්තා වේ.
පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් උත්කර්ෂවත් අයුරින් මෙම සම්මේලනය පැවැත්වීමට නියමිතය.
සමගි ජනබලවේගයේ සිට ජනාධිපතිවරයාට සහය පළ කිරීමට පැමිණි සියලු මන්ත්‍රීවරුන් මෙහි විශේෂිත ආරාධිතයින් ලෙස සහභාගී වන බව සඳහන්ය.