පුවත්

එක්සත් ලංකා පොදුජන පක්ෂයේ සභාපති සහ ලේකම් රිමාන්ඩ්

Published

on

ජනක රත්නායක මහතාට එක්සත් ලංකා පොදු ජන පක්ෂයේ ජනාධිපති අපේක්ෂකත්වය ලබාදීම සඳහා රුපියල් කෝටි 03ක අල්ලසක් ලබාගත්තේ යැයි සැකපිට අත්අඩංගුවට ගත් එම පක්ෂයේ සභාපතිවරයා හා ලේකම්වරයා ලබන 27 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය අද (15) නියම කලේය.

එම සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් තවත් සැකකරුවන් 06 දෙනෙකු රුපියල් ලක්ෂ 20 බැගින් වූ පුද්ගලික ඇප මත මුදා හැරීමට ද අධිකරණය නියම කර තිබේ.

අල්ලස දූෂණයට නාස්තියට එරෙහි පුරවැසි බලයේ සභාපති කාමන්ත තුෂාර මහතා අල්ලස් කොමිසමට කළ පැමිණිල්කට අනුව කළ වැටලීමකදී වැලිකඩ ප්‍රදේශයේ ප්‍රසිද්ධ ව්‍යාපාරික සංකීර්ණයකදී මෙම පිරිස අත්අඩංගුවට ගෙන තිබුණි.

බොරැල්ලේ පිහිටි වැලිකඩ ප්ලාසා වෙළෙඳ සංකීර්ණයේදී අදාල පුද්ගලයන් මුදල් ලබාගනිද්දී ඊයේ (14) පස්වරුවේ අත්අඩංගුවට ගැනීම සිදුවිය.

Trending

Exit mobile version