ශ්‍රී ලංකා මුහුදු තීරයේ ගිලී ගිය එක්ස්ප්‍රස් පර්ල් (X-Press Pearl) නෞකාව බේරා ගැනීමේ මෙහෙයුම් සඳහා සහය වීමට චීන යාත්‍රාවක් ශ්‍රී ලංකා වෙරළට ළඟා වී ඇතැයි වාර්තා වේ. පොහොර සහ පුපුරණ ද්‍රව්‍ය සඳහා භාවිත කරන නයිට්‍රික් අම්ලය කාන්දු වන කන්ටේනරයක් පිටකිරීම සඳහා වරායන් දෙකක් ප්‍රතික්ෂේප කිරීමෙන් පසු එක්ස්ප්‍රස් පර්ල් (X-Press Pearl) නෞකාව 2021 මැයි මාසයේදී ශ්‍රී ලංකාවේ මුහුදු තීරයේදී පිළිස්සී ගිලී ගියේය. මෙය මෙරට සාගර කලාපයට විශාල හානියක් ඇති කළේය. මෙසේ පැමිණ ඇති චීන ගලවා ගැනීමේ කණ්ඩායම එක්ස්ප්‍රස් පර්ල් (X-Press Pearl) නෞකාව අඩකින් කපා යාත්‍රාවේ කොටස් දෙක ශ්‍රී ලංකාවෙන් ඉවතට ගෙන යාමට කටයුතු කරන බව ශ්‍රී ලංකා සමුද්‍ර පරිසර ආරක්ෂණ අධිකාරිය කියා සිටී. හිතකර කාලගුණික තත්ත්වයන් ඇති වූ පසු මෙම මෙහෙයුම ආරම්භ කෙරෙන අතර, නැව් මුහුදුබත් වූ ස්ථානය අවට වර්ග කිලෝමීටරයක ප්‍රදේශයක ශ්‍රී ලංකා සාගර පත්ලේ ඇති සුන්බුන් ඉවත් කිරීම ද ගලවා ගැනීමේ මෙහෙයුමට ඇතුළත් බව පැවසේ.