එක්ස්ප්‍රස් පර්ල් නෞකා සිද්ධියට අදාළ අපරාධ නඩුවක විභාගය අත්හිටුවීමේ නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා ගොනුකර ඇති අභියාචනා පෙත්සම සලකා බැලීමේ කටයුතුවලින් විනිසුරු එස් තුරෙයි රාජා මහතා ඉවත් වී තිබේ.
කොළඹ වරාය මුහුදු සිමාවේ දී එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගිනි ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් එම නෞකාවේ දේශීය නියෝජිත සමාගම් අධ්‍යක්ෂවරුන්ට එරෙහිව කොළඹ මහාධිකරණය හමුවේ අපරාධ නඩුවක් ගොනුකර තිබුණි.
එම නඩු විභාගය අත්හිටුවීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා දේශීය නියෝජිත සමාගම වු සී කොන්සෝටියම් සමාගමේ අධ්‍යක්ෂවරුන් ඉදිරිපත් කළ පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ කැදවන ලදී.
එහිදී ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලේ සභාපති එස් තුරෙයි රාජා මහතා පෞද්ගලික හේතුන් මත තමන් මෙම නඩුවෙන් ඉවත් වන බව සදහන් කලේය.
අධිකරණය නියෝග කලේ,වෙනත් විනිසුරු මඩුල්ලක් හමුවේ අදාළ පෙත්සම සලකා බැලීමට ලබන 21ක් වැනිදා කැදවන ලෙසය.