Connect with us

පුවත්

එක්ස්ප්‍රස් පර්ල් වන්දිය පිටපාරේ ගිය ගිනුම ගැන හෙළිවෙයි !

Published

on

කොළඹ වරාය ආසන්නයේ ගිනිගෙන විනාශවූ එක්ස්ප්‍රස් පර්ල් නෞකාව සම්බන්ධයෙන් නඩු පැවරීම හා වන්දි ලබාගැනීමේ ක්‍රියාවලිය අඩපණ කිරීමට මෙරට යම් බලධාරියෙකුට අල්ලසක් ලබාදීමේ චෝදනාව සම්බන්ධයෙන් පරීක්ෂණයක් ඇරඹීමට උපදෙස් ලබාදුන් බව අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා පවසයි.

2021 මැයි 15 වැනිදා ඉන්දියාවේ හසීරා වරායේ සිට පැමිණි එක්ස්ප්‍රස් පර්ල් නෞකාව කොළඹ වරාය ආසන්නයේදී ගිනිගැනීමට ලක්වූයේ මැයි 20 වැනිදාය.

නයිට්‍රික් ඇසිඩ් සහ වෙනත් රසායනික ද්‍රව්‍ය සහිත බහාලුම් 1,486ක් නෞකාවේ තිබුණු අතර ඉන් රැසක් ගිනිගනිද්දී තවත් බහාලුම් ගණනාවක් මුහුදුබත් වුණි.

මීගමුවට ආසන්න අවට මුහුදු තීරයට හා පරිසර පද්ධතියට ඉන් සිදුවූයේ දැවැන්ත හානියකි.

එම හානියට අදාළව අමෙරිකානු ඩොලර් බිලියන 6.2ක වන්දියක් නෞකා සමාගමෙන් මෙරටට ලබාගැනීමේ හැකියාව ඇතත් නඩු පැවරීම මෙතෙක් සිදු නොකරන්නේ මන්දැයි පාර්ශ්ව රැසක් රජයෙන් ප්‍රශ්න කළේය.

විශේෂඥයන් පවසන පරිදි ඒ සම්බන්ධයෙන් නඩු පැවරීම සඳහා තවත් ඉතිරිව ඇත්තේ දින 32ක් වැනි කාලයක් පමණි.

එමෙන්ම ශ්‍රී ලංකාව තුළ නඩු පවරමින් වැඩි වාසියක් ලබාගත හැකිවී තිබියදී සිංගප්පූරුවේ නඩු පැවරීමට බලධාරීන් තීරණය කළේ මන්දැයි යන්න විශේෂඥයින් තුළ සැක මතුකළ තවත් කරුණකි.

නෞකාවේ විමර්ශන හා නඩු පැවරීමට අදාළව අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා ද ආන්දෝලනාත්මක ප්‍රකාශයක් සිදු කර තිබුණේ මේ අතරතුරදී ය.

නෞකාව සම්බන්ධයෙන් නඩු පැවරීම හා වන්දි ලබාගැනීමේ ක්‍රියාවලිය අඩපණ කිරීමට මෙරට යම් බලධාරියෙකුට අමෙරිකානු ඩොලර් මිලියන 250ක අල්ලසක් නෞකාවේ රක්ෂණ සමාගම ලබාදී ඇතැයි තොරතුරු ලැබුණු බව අමාත්‍යවරයා සඳහන් කළේය.

පුවත්

කුලියාපිටිය නවකවධ සිද්ධියට ඇල්ලූ 4ම රිමාන්ඩ්

Published

on

By

කුලියාපිටිය කාර්මික විද්‍යාලයේ පළමු වසරේ සිසුවියක් නවකවධය හේතුවෙන් වැවකට පැන සියදිවි හානිකර ගැනීමට උත්සහ දැරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් එහි ජ්‍යේෂ්ඨ සිසුන් තිදෙනා සහ සිසුවිය ලබන 16දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර ඇත.

මෙම නියෝගය ලබාදී ඇත්තේ ඔවුන්ව අද (04) කුලියාපිටිය මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

අදාල සිසුවිය පසුගිය 02දා විද්‍යාලය ආසන්නයේ පිහිටි වැවකට පැන සියදිවි හානිකර ගැනීමට උත්සහ කර තිබුණු අතර, අසල සිටි පිරිසක් විසින් ඇයව බේරාගෙන කඩිනමින් කුලියාපිටිය රෝහල වෙත ඇතුලත් කර තිබුණි.

පසුව රෝහල් පොලීසිය විසින් අදාළ ශිෂ්‍යාවගෙන් ප්‍රකාශයක් සටහන් කර ගෙන ඇති අතර, එහිදී අනාවරණය වී ඇත්තේ, විද්‍යාලයේ ජ්‍යේෂ්ඨ සිසුන් කිහිපදෙනෙකු විසින් තමන්ට නවකවධය ලබාදීම හේතුවෙන් මෙලෙස සියදිවි හානිකර ගැනීමට උත්සහ ගත් බවයි.

Continue Reading

පුවත්

මුඛ ආවරණ පැළඳීමේ උපදෙස් ලිපිය ගැන සෞඛ්‍ය අමාත්‍යංශයෙන් පැහැදිලි කිරීමක්

Published

on

By

කාර්යාල පරිශ්‍ර තුළ මුඛ ආවරණ පැළඳීම සම්බන්ධයෙන් උපදෙස් ඇතුළත් ජුනි 02දා බස්නාහිර පළාත් නියෝජ්‍ය ප්‍රධාන ලේකම් (පාලන) ගේ අත්සනින් යුතුව ලිපිය සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යංශය පැහැදිලි කිරීමක් සිදුකොට ඇත.

එහි දැක්වෙන්නේ මේ සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම් – විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා විසින් බස්නාහිර පළාත් ප්‍රධාන ලේකම් වෙත ලිපියක් යොමු කරමින් අදාල ලිපියේ නිකුත් කර ඇති උපදෙස් යළි සලකා බලා කටයුතු කරන මෙන් ඉල්ලා ඇති බවයි.

කාර්යාල තුළ මුඛ ආවරණ පැළඳීමට කටයුතු කරන ලෙස පොදුවේ ආයතන වෙත උපදෙස් දීමට අවශ්‍යතාවයක් පැන නොනගින බවද ජාසිංහ මහතා පවසා තිබේ.

මේ වන විට එම උපදෙස් මාලාව ඉවත් කර ඇතැයි වාර්තා වේ. 

සෞඛ්‍ය අමාත්‍යංශය විසින් මේ සම්බන්ධයෙන් සිදුකළ පැහැදිලි කිරීම මෙසේය :

Continue Reading

පුවත්

RCB ජය සැමරුම අතර තෙරපීමකින් 11ක් මරුට

Published

on

By

මෙවර IPL ශූරයන් ලෙස කිරුළ පැළඳි රෝයල් චැලෙන්ජර්ස් බෙංගලූරු (RCB) කණ්ඩායමේ ජය සැමරුම සඳහා බෙගලූරුහිදී අද (04) සංවිධානය කර තිබූ සැමරුම් උත්සවයේ ඇති වූ තෙරපීමකින් පුද්ගලයින් 11 දෙනෙකු මියගොස් තිබේ.

මෙම අනතුරෙන් තවත් 50කට අධික පිරිසක් තුවාල ලබා ඇති බව ඉන්දීය මාධ්‍ය සඳහන් කරයි.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved