එක්ස්ප්‍රස් පර්ල් නෞකාවෙන් විනාශයෙන් සිදුවූ හානියට වන්දි අය කිරීමේ වැඩපිළිවෙළට සහායක් ලෙස සමගි ජන බලවේගය සහ සමගි ජන සන්ධානය විසින් නීතිමය කටයුත්තකට ප්‍රවේශ වන බවත් ඒ යටතේ මූලික එන්තරවාසියක් මීට සම්බන්ධ ආයතන රැසකට යොමු කර ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.
අද (11) පාර්ලිමේන්තුවේ දී අදහස් දක්වමින් ඔහු වැඩිදුරටත් පැවසුවේ ඩොලර් බිලියන 6.4කට සීමා වී ඇති වන්දි මුදල අය කර ගැනීමටත් එම විනාශයෙන් අගතියට පත් පාර්ශ්වයන් වෙනුවෙන් මෙම මුදල මහාභාණ්ඩාගාරයේ වෙනම ගිනුමක තැන්පත් කරන ලෙසත් අදාළ එන්තරවාසියෙන් දැනුම් දුන් බවයි.
අප රටේ මිනිසුන් මුදලට බිලි බා ගත හැකි බව නැව් සමාගම සිතාගෙන සිටිනවා නම් එය වැරදි බවත් කිසිවකු මුදලට යට නොවන බවත්, අප බංකොලොත් වුවත් මූල්‍ය අපහසුතා තිබුණත් අප රට විනාශ කිරීමට, පාවා දීමට හෝ බිලී බා ගැනීමට අවස්ථාවක් ලබා නොදෙන බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.