Connect with us

පුවත්

එක්ස්ප්‍රස් පර්ල්  විමර්ශනවල ඊමේල් දත්ත මකලා

Published

on

එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගිනි ගැනීමේ සිද්ධියේ විමර්ශනවලට භාජනය වී තිබෙන ඊමේල් පණිවිඩවලට අදාළ දත්ත මකා දැමීමේ සිද්ධිය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට අදාළ පැමිණිල්ල යළි අප්‍රේල් මස 29 වනදා කැඳවන ලෙසට කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කලේය.

මෙම පැමිණිල්ල අද (03) කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් කේමින්ද පෙරේරා මහතා ඉදිරියේ කැඳවනු ලැබීය.

එම අවස්ථාවේදී මෙම නඩුවේ සැකකරුවන් වශයෙන් නම්කර සිටින අදාළ නෞකාවේ දේශීය නියෝජිත සමාගමේ සේවකයින් 07දෙනා අධිකරණය හමුවේ පෙනී සිටියේය.

එහිදී විමර්ශන සිදුකරන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් මාධව තෙන්නකෝන් මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම විමර්ශනවලදී ඇතැම් ඊමේල් පණිවිඩවලට අදාළ දත්ත මකාදමා තිබෙන බවට කරුණු අනාවරණය වී ඇති බව පවසා තිබුණි.

මෙම ප්‍රශ්නගත ඊමේල් පණිවිඩවලට අදාළ දත්ත රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ ඩිජිටල් විද්‍යාගාරයේ තිබෙන දත්ත ගබඩාවේ රඳවා තිබෙන බවත් තාක්ෂණික දෝෂයක් හේතුවෙන් එම දත්ත ගබඩාව අක්‍රිය වී ඇති බැවින් එම පිටපත් ලබාගැනීමට නොහැකි තත්ත්වයක් උද්ගත වී ඇති බවත් සඳහන් කර තිබේ.

පෞද්ගලික සමාගමක සේවය ලබාගෙන එම දත්ත ගබඩාව පිළිසකර කිරීම සඳහා රුපියල් එක්කෝටි විසිඑක්ලක්ෂයක පමණ මුදලක් වැය වන බවට ගණන් බලා තිබෙන බැවින් එම පිළිසකර කටයුතුවලින් පසුව අදාළ දත්ත පිටපත් කරගැනීමට හැකියාව ලැබෙනු ඇති බව නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා සඳහන් කලේය.

ඒ අනුව එම කටයුතු ඉටුකිරීම සඳහා මාස තුනකට වැඩි කාලයක් ලබාදෙන ලෙසත් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා අධිකරණයෙන් ඉල්ලා තිබේ.

එම ඉල්ලීමට දැඩි විරෝධය පළකළ මෙම සිද්ධියට සම්බන්ධ සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටි සරත් ජයමාන්න, අනුර මැද්දෙගොඩ යන ජනාධිපති නීතිඥවරු සමග කරුණු දැක්වූ සෙසු නීතිඥවරු කියා සිටියේ මේ ආකාරයෙන් කල් ඉල්ලා සිටීම දැඩි අසාධාරණ බවය.

මෙම සිද්ධීන්වලට අදාළ විමර්ශන කටයුතු අවසන්වීමට පෙර නීතිපතිවරයා කොළඹ මහාධිකරණය හමුවේ නඩු පැවරීමට ගත් පියවර නිවැරදි නොවන බව සඳහන් කළ එම නීතිඥවරුන් මෙම සැකකරුවන් නිදහස් කරන ලෙසත් ඉල්ලා සිටියේය.

දෙපාර්ශ්වය විසින් ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ මෙහෙස්ත්‍රාත්වරයා ඉදිරි නඩු දිනවලදී මෙම නඩුකරයේ සැකකරුවන් වෙනුවෙන් ඔවුන්ගේ නීතිඥවරුන් පමණක් පෙනී සිටීම ප්‍රමාණවත් බව සඳහන් කලේය.

එහෙත් අධිකරණය හමුවේ පෙනී සිටිය යුතු බව දැනුම් දෙන අවස්ථාවක සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් විය යුතු බවත් මහෙස්ත්‍රාත්වරයා කළ නියෝගයේ වැඩිදුරටත් සඳහන්ය.

පුවත්

ජපුර බාහිර උපාධි ගැටලුවලට රජයෙන් විසඳුම් ඉල්ලයි

Published

on

By

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ බාහිර උපාධි හා විස්තාරිත පාඨමාලා ඒකකයේ අධ්‍යයන කටයුතු ද තාවකාලිකව අත්හිටුවා ඇති බව වාර්තා වේ.

පසුගිය 24වනදා දින සිට ක්‍රියාත්මක වන පරිදි එම ඒකකය විසින් පවත්වනු ලබන බාහිර උපාධි පාඨමාලා සම්මන්ත්‍රණ සහ ලියාපදිංචි කටයුතු මෙලෙස අත්හිටුවා තිබේ.

මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී එම විශ්වවිද්‍යාලයේ කථිකාචාර්ය පූජ්‍ය දඹර අමිල හිමියෝ පවසා සිටියේ, පවතින ගැටලු කඩිනමින් නිරාකරණය කර ගැනීමෙන් අනතුරුව අධ්‍යයන කටයුතු යළි ආරම්භ කිරීමට බලාපොරොත්තු වන බවයි.

කෙසේ වෙතත් බාහිර උපාධි හා විස්තාරිත පාඨමාලා ඒකකයේ අධ්‍යන කටයුතු ආරම්භ කිරීමට නම් රජය සහ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව මැදිහත් වී ගැටළුවලට විසදුම් ලබාදිය යුතු බව උන් වහන්සේ පවසයි.

ඊයේ (26) මාධ්‍ය වෙත අදහස් දක්වමින් උන්වහන්සේ මේ බව පැවසූහ.

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ බාහිර පාඨමාලා අධ්‍යයන අංශයේ මූල්‍ය පාඨමාලා අධ්‍යයන අංශයේ මූල්‍ය අක්‍රමිකතා රැසක් පිලිබදව පොදු ව්‍යාපාර කාරක සභාව හෙවත් කෝප් කමිටුවේදී පසුගියදා අනාවරණය වී තිබුණි.

ඒ එම විශ්වවිද්‍යාලයීය පාලනාධිකාරිය කෝප් කමිටුව හමුවට පසුගියදා කැඳවු අවස්ථාවේය.

එහිදී වැඩබලන විගණකාධිපති ජී.එච්.ඩී ධර්මපාල මහතා පැවසුවේ, බාහිර පාඨමාලා අධ්‍යයන අංශයේ සිදුව ඇති අක්‍රමිකතා හේතුවෙන් සියලු වැයබර දැරීමට සිදුව ඇත්තේ සිසුන්ට බවය.

සබැඳි පුවත්

Continue Reading

පුවත්

පෝට් සිටි මුහුදේ සරසවි සිසුවෙක් අතුරුදන්  

Published

on

By

කොළඹ වරාය නගරයේ කෘත්‍රීම වෙරළ තීරය අයත් මුහුදේ පිහිනමින් සිටි සරසවි සිසුන් අතරින් තරුණයෙකු අතුරුදහන් වී තිබේ.

ඒ පිළිබඳව කොළඹ වරාය පොලීසියට ලද පැමිණිල්ලක් මත විමර්ශන ආරම්භ කර ඇත.

අතුරුදහන් වූ පුද්ගලයා වයස අවුරුදු 24ක් වන අස්ගිරිය, ගම්පහ ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

කොළඹ විශ්වවිද්‍යාලයේ හා මොරටුව විශ්වවිද්‍යාලයේ සිසුන් පිරිසක් ඊයේ (26) උදෑසන කාලයේ විනෝදාංශයක් ලෙස ස්නෝකල් පැළැඳ මුහුදේ පිහිනමින් මුහුදු පතුල නීරීක්ෂණ කරමින් සිටියදී එක් සිසුවෙකු මෙලෙස අතුරුදහන්වී තිබේ.

පසුව ඔහු පැළැඳ සිටි ස්නෝකලය ජීවිතාරක්ෂක නිලධාරීන් විසින් සොයාගෙන ඇත.

අතුරුදන් වූ පුද්ගලයා සොයා කොළඹ වරාය පොලීසිය, නාවික කොට්ඨාසයේ කිමිඳුම්කරුවන්, රංගල නාවික හමුදා කිමිඳුම්කරුවන් ඒකාබද්ධව මෙහෙයුම් දියත් කර ඇති අතර, කොළඹ වරාය පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

Continue Reading

පුවත්

මෝටර් රථයක් තුළ පිළිස්සුණු මළසිරුරක්

Published

on

By

මහව – දියබැටේ ප්‍රදේශයේ කැලෑවක මෝටර් රථයක් තුළ තිබි පිළිස්සුණු පුද්ගල මළසිරුරක් සොයාගෙන තිබේ.

පොලීසිය සඳහන් කළේ ලද තොරතුරක් අනුව එම මළසිරුර සොයාගත් බවය.

මෙලෙස මියගොස් ඇත්තේ කුරුණෑගල මිල්ලෑව ප්‍රදේශයේ පදිංචි 49හැවිරිදි හෝටල් ව්‍යාපාරිකයකු බවට මූලික විමර්ශනවලදී අනාවරණය වී තිබේ.

පසුගිය 25වනදා අදාළ ව්‍යාපාරිකයා කොණ්ඩය කැපීම සඳහා නිවසින් පිටව ගොස් ඇති අතර ඔහු යළි නිවසට නොපැමිණීම හේතුවෙන් බිරිඳ විසින් දොරටියාව පොලීසිය වෙත පැමිණිල්ලක්ද සිදු කර තිබුණි.

පසුව පොලීසිය විසින් අදාළ කාන්තාව ගෙන්වා විමර්ශන සිදුකර ඇති අතර ඇය විසින් මළසිරුර තම ස්වාමි පුරුෂයාගේ බවට හඳුනාගෙන ඇත.

ඒ අනුව පස්චාත් මරණ පරීක්ෂණය කුරුණෑගල මහ රෝහලේදී අද සිදුකිරීමට නියමිතව තිබේ.

අදාළ මරණය ඝාතනයක්ද නැතහොත් සියදිවි නසාගැනීමක්ද යන්න මෙතෙක් අනාවරණය වී නොමැති අතර සිද්ධිය සම්බන්ධයෙන් මහව මුලස්ථාන පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved