වාහන නොමැතිකම හේතුවෙන් මතුවී ඇති ගැටලු සම්බන්ධයෙන් මන්ත්‍රීවරුන් රැසක් තමාට පැමිණිලි කර ඇති බව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පවසයි.
ඔහු පවසන්නේ, වාහනයක් නොමැති නැගෙනහිර පළාතේ මන්ත්‍රීවරයකු බොහෝ අවස්ථාවල කොළඹට පැමිණෙන්නේ ගිලන් රථයක නැගී බවය.
මන්ත්‍රීවරයා රෝහල් බලධාරීන්ට අමතා කොළඹට එන ගිලන් රථයක නැගී පැමිණෙන බවත්, තවත් මන්ත්‍රීවරුන් පොදු ප්‍රවාහන සේවයෙන් කොළඹට පැමිණෙන බවත් කතානායකවරයා විසින් සඳහන් කරන ලදී..
මේ අතර තීරු බදු රහිත වාහන බලපත්‍රයක් ලබාදෙන ලෙසට මන්ත්‍රීවරුන් කළ ඉල්ලීම ජනාධිපතිවරයාට මේ සතියේ භාර දෙන බවද ඔහු පැවසීය.
තමන්ට තීරු බදු රහිත වාහන බලපත්‍රයක් ලබාදෙන ලෙසට ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ මන්ත්‍රීවරු 116 දෙනෙක් සංදේශයක් භාරදෙමින් කතානායකවරයාගෙන් පසුගියදා ඉල්ලීමක් කර තිබුණි..
එම ඉල්ලීමට පාර්ලිමේන්තු ගෘහ කාරක සභාවේ අනුමැතිය දැනටමත් පළවී තිබේ.