පුවත්

එක වෙන්න බැරිවුණා කියා සිසුවා දිවිනහගෙන

Published

on

දඹදෙණිය,සිරිගල ප්‍රදේශයේ 18 හැවිරිදි පාසල් සිසුවෙකු ගෙල වැළලාගෙන සියදිවි හානිකරගෙන ඇත.  

සාමාන්‍ය පෙළ විභාගයෙන් A සාමාර්ථ 09ක් ලබා කුරුණෑගල ප්‍රදේශයේ ජනප්‍රිය පාසලකට ඇතුළත්ව සිටි මෙම දරුවා සිය පන්තියේ පළමු වැනියා වීමට නොහැකි වීම හේතුවෙන් මෙලෙස සියදිවි හානි කරගෙන ඇත.

තවද මෙම දරුවා මාස කිහිපයක සිට තමාව පාසලෙන් ඉවත් කර ගන්නා ලෙසටත්, තමන් හට සියදිවි නසාගැනීමට සිතෙන බවත් තම දෙමව්පියන් දැනුවත් කර ඇති බව විමර්ශන වලදි හෙළි වී ඇත.

මෙලෙස පෙරේදා දිනයේ (17) දෙමව්පියන් නිවසින් බැහැරට ගිය අවස්ථාවේදී මෙම සිසුවා සියදිවි හානි කරගෙන ඇත.

තවද මිශ්‍ර පාසලක සාමාන්‍ය පෙළ දක්වා ඉගෙනුම ලබා ඇති මෙම සිසුවා පිරිමි පාසලකට ඇතුලත් කිරීම සම්බන්ධයෙන්ද කලකිරීමට පත්ව සිටි බව තවදුරටත් අනාවරණය වී ඇත.

මෙම සම්බන්ධයෙන් ගිරිඋල්ල පොලීසිය ඉදිරි විමර්ශන සිදුකරනු ලබයි.

Trending

Exit mobile version