එක්සත් ජාතික පක්ෂයේ ආසන සංවිධායක ධූරවලට උගත් වෘත්තීයවේදීන් පිරිසක් පත්කිරීමට කටයුතු කරගෙන යන බව එම පක්ෂයේ මහ ලේකම් පාලිත රංගේ බණ්ඩාර පැවසීය.
ඒ අනුව නීතිඥයන්, වෛද්‍යවරුන්, ඉන්ජිනේරුවන් ඇතුළු උගත් නවකයන් රාශියකට බිම් මට්ටමේ වගකීම් පැවරීමට පියවර ගෙන ඇතැයි ද මහ ලේකම්වරයා සඳහන් කළේ ය.
උගත් කණ්ඩායමකට එජාපයේ වගකීම් ලබා දීමට පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ ගෙන ඇති තීරණයක් අනුව මෙම වැඩපිළිවෙළ සිදුවෙන බව ද ඔහු කීවේ ය.
බිම් මට්ටමේ සංවිධාන කටයුතු ජනවාරි වනවිට ආරම්භ කරන බව ත්, ඊට සමගාමීව මෙම ආසන සංවිධායක ධූර පිරිනැමීමට නියමිත බව ත් හෙතෙම පැවසීය.
ඒ ඒ ආසනවලට පත්කළ යුතු වෘත්තීයවේදීන් කවුරුන් ද යන්න හඳුනා ගනිමින් සිටින බව කී රංගේ බණ්ඩාර, එක්සත් ජාතික පක්ෂය දැනට තාවකාලිකව පත්කර ඇති ආසන සංවිධායක ධූරවලට නීතිඥයන්, වෛද්‍යවරුන් හා ඉන්ජිනේරුවන් ඇතුළත්ව සිටින බව ද සඳහන් කළේ ය.
(මව්බිම )